වතුකම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිමේ ගිවිසුමට අත්සන්
වතු කම්කරුවන්ගේ නව වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් වු නව අවබෝධතා ගිවිසුමට අරලියගහ මන්දිරයේදි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදි අද (28) අත්සන් කල බව ලංකා කම්කරු කොන්ග්රසය අද නිවේදනය කරයි.
වතු හාම්පුතුන්ගේ සංගමය වෙනුවෙන් එම සංගමයේ අධ්‍යක්ෂක ජෙනරාල් කනිෂ්ක විරසිංහ සහ වතු එකාබද්ධ වෘත්තිය සමිති වෙනුවෙන් ලංකා කම්කරු කොන්ග්‍රසයේ සභාපති නුවරඑළිය දිස්ත්‍රික් පා.ම ආරුමුගන් තොණ්ඩමන්, ලංකා ජාතික වතු කම්කරු සංගමය වෙනුවෙන් එම පක්ෂයේ ප්‍රධාන ලේකම් වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය වඩිවෙල් සුරේෂ් යන මහතුන් අත්සන් කර ඇත.
මේ අනුව වතු කම්කරුවෙකුගේ දෛනික මුලික වැටුප රු 700 ක් වශයෙන්ද තේ මිල අනුව දිනකට රු 50 මුදලක්ද අමතර තේ දළු කිලෝවකට රු 40ක්ද වශයෙන් නව අවබෝධතා ගිවිසුම අනුව වතු කම්කරුවන්ට වැටුප් ගෙවිමට නියමිත අතර මාස තුනක හිග වැටුප්ද ගෙවිමට නියමිතය.
මෙම අවබෝධතා ගිවිසුම වසර දෙකකට බලපැවැත්වෙන බවයි ලංකා කම්කරු කොන්ග්රසය කියා සිටියේ.
අද අත්සන් කෙරුණු අවබොධතා ගිවිසුමට විරෝධය පාමින් හැටන් ඇතුළු වතුකරයේ ස්ථාන කිහිපයක වතු කම්කරුවෝ විරෝධතා පැවැත්වනු ලැබුහ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
