වට්ටක්කා මිලට ගැනීමට රජය සැරසෙයි
වට්ටක්කා මිල විශාල ලෙස පහළ යෑම නිසා අසරණභාවයට පත්නොවී ජනතාව සුරක්ෂිත කර ගැනීම සඳහා කිලෝවක් රුපියල් 30ක මුදලකට වට්ටක්කා මිලදී ගැනීමට රජය තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා සඳහන් කළේය.
මේ අනුව ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා සහතික මිලට වට්ටක්කා මිලදී ගැනීම සිදු කරන බවත්, ගොවීන් සුරක්ෂිත කිරීම සඳහා ගොවි ජනතාව ළඟටම ගොස් වට්ටක්කා මිලදී ගන්නා බවත් අද (16දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම පවසා සිටියේය.
ගොවීන් හඳුනා ගැනීම සඳහා ග්‍රාම නිලධාරීවරුන් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා පැවසීය.

popular news
-
අර්තාපල් ගොවියා Wednesday, 16 January 2019 08:11 PM
වැලිමඩ අර්තාපල් ගොවීන්ගේ අර්තාපල් අස්වැන්නත් රජය අරං දැන් මාස 4 කට වැඩියි. තාම මුදල් නං ගෙවලා නැහැ. රිසිට් එකක් දීලා තියෙනවා. ඒ ගැන වැඩපිළිවෙලක් නැද්ද තාම?
Reply : 0 1
Bandula. Thursday, 17 January 2019 09:43 AM
ඒවා ගන්න සරසෙනකොට වට්ටක්කා පලදාව ඉවරවෙලා තියේවි.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

