වගා කළ නොහැකි තත්ත්වයේ කුඹුරු ඉඩම්, පතල් කැණීම සඳහා යොදා ගැනීම හා පතල් කැණීම් සිදුකිරීමෙන් අනතුරුව පතල් වසා දැමීම සඳහා පතල් කාර්මිකයන් උනන්දු කරවන වැඩපිළිවෙළක අවශ්‍යතාවය පිළිබඳවද සාකච්ඡාවට ලක්ව තිබේ.
ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තකරුවන්ගේ නියෝජිතයන් අතර හමුවක් ඊයේ (12දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති අවස්ථාවේදීය.
මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්රයෙහි මතුව ඇති ගැටලු සහ එහි උන්නතියට ගතයුතු ඉදිරි පියවර පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්විය.
රත්රන් සඳහා පැනවූ 15%ක ආනයන බද්ද ලිහිල් කිරීම, මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය නව ආදායම් බදු සඳහා යටත් වීම හේතුවෙන් මතුව ඇති අපහසුතා මෙන්ම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ඉඩම් සඳහා පතල් කැණීමට බලපත්‍ර නිකුත් කිරීමේ ගාස්තු අවම කර ගැනීම ආදී ගැටලු පිළිබඳවද මෙහිදී අවධානය යොමුව තිබේ.
පතල් කැණීම් සිදුකිරීමෙන් අනතුරුව පතල් වසා නොදමන පතල්කරුවන්ගේ බලපත්‍ර අහෝසි කර නීතිමය පියවර ගැනීමට ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
