එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදි දෙමළ ජාතික සන්ධානය සමඟ එක්ව තරඟ කිරිමට එක්වන ලෙසට උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සි.වී.විග්නේශ්වරන් මහතා වෙතට ආරාධනා කරන බව ටෙලෝ පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් මහතා පැවසීය.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ටෙලෝ පක්ෂ මධ්‍යම කාරක සභා රැස්විම වවුනියාව ටෙලෝ පක්ෂ කාර්යාලයේදි පැවැත්විමෙන් අනතුරුව පැවැත්වු මාධ්‍ය සාකච්ජාවේදීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියා සිටියේ,
‘දෙමළ ජනතාවගේ ගැටලු විසඳිම වෙනුවෙන් විග්නේශ්වරන් මහතා බිහි කළ නව සන්ධානය හරහා දෙමළ ජාතික සන්ධානය සමඟ එක්ව එළැඹෙන මැතිවරණයට තරඟ කිරීමට ආරාධනා කරනවා . විග්නේශ්වරන් මහතාගේ නව සන්ධානය දෙමළ ජාතික සන්ධානය වෙත එක්වූවහොත් දෙමළ ජනතාවගේ ගැටලු විසඳිම වෙනුවෙන් නව ශක්තිමත් සන්ධානයක් හරහා මැතිවරණය තුළින් වැඩි බහුතර ආසන ප්‍රමාණයක් දිනාගත හැකියි. යනුවෙනි
දෙමළ ජාතික සන්ධාන නායකත්වය වෙනස්වුහොත් දෙමළ ජාතික සන්ධාන නව නායකයින් සමඟ එක්විමක් සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බවට විග්නේශ්වරන් මහතා පසුගියදා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදින් අඩෙක්කලනාදන් මහතාගෙන් විමසිමේදී මන්ත්‍රීවරයා එලෙස සඳහන් කළේය.
ටෙලෝ පක්ෂය විග්නේශ්වරන් මහතා සමඟ සමීප සම්බන්ධතාවයක් පවත්වන අතර, විග්නේශ්වරන් මහතාගේ නායකත්වය යටතේ බිහිවන නව සන්ධානය වෙනුවෙන් ටෙලෝ පක්ෂය එක්වනු ඇති බවටද පසුගිය සමයේ ආරංචි පැතිරිණ.
කෙසේ නමුත් සී.වී.විග්නේශ්වරන් මහතාගේ සන්ධානය වූ දෙමළ ජනතා සන්ධානය මෙවර මැතිවරණය වෙනුවෙන් තරඟ කරන අයුරු මෙන්ම ටෙලෝ පක්ෂයේ ආරාධනාව සම්බන්ධයෙන්ද මෙතෙක් ප්‍රකාශයක් සිදු කර නොමැත.