මධ්‍යම ලේ බැංකුවේ වැඩ බලන අධ්යක්ෂවරයා ඉවත් කිරීමට කටයුතු කර තිබෙන බැවින් එම ස්ථානයේ සිදු කළ වෛද්‍ය වර්ජනය නවතා දැමූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
වැඩ බලන අධ්යක්ෂවරයාගේ අත්තනෝමතික ක්‍රියාවලට එරෙහිව 09 වැනිදා සිට එම ස්ථානයේ සේවය කළ වෛද්‍යවරුන් 40ක් අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කළ බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
මේ අනුව සාමාන්‍ය පරිදි මේ වන විට රාජකාරී ආරම්භ කළ බවද ඔහු පවසා සිටියේය.
