ලුණුගම්වෙහෙර, පඩව්ගම ප්ර දේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට ජීවිතක්ෂයට පත්ව තිබේ. පඩව්ගම පදිංචි අවුරුසු 34ක් වන පුද්ගලයෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
මරණකරු නිවසේ රාත්රී ආහාර ගනිමින් සිටියදී ඔහුගේ නැගණියගේ ස්වාමිපුරුෂයා විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබේ.
සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරික්ෂණ පවත්වයි.
මේ අතර අහංගම, ගොවියාපාන ප්ර දේශයේදි අවන්හලක් තුළ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගල්යෙක් ජීවිතෂයට පත්ව තවත් පුද්ගලයෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
අවුරුදු 40ක් වන මිදිගම පදිචංකරුවෙක් මෙසේ ජිවිතක්ෂයට පත්ව ඇති අතර වෙඩි තැබීමට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී නොමැත.
අහංගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.