ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පඩව්ගම ග්‍රාම නිළධාරි වසමේ වන අලි රක්ෂිතය තුළ ඉදිකර තිබු නිවාස 48කින් සමන්විත නිවාස ව්‍යාපෘති දෙකක ඉදිකිරිම් සම්පුර්ණයෙන්ම තහනම් කල අතර ඒ වෙනුවට එම නිවාස ලාභී ජනතාවට සුසුදු ඉඩම් ලබා දිමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ජාතික නිවාස අධිකාරියේ සභාපති රේණුක පෙරේරා මහතා හම්බන්තොට සිදුකල සංචාරයකින් පසු හම්බන්තොට නිවාස සංවර්ධන අධිකාරියේ කළමනාකරුවෙත ඊයේ (18) උපදෙස් ලබා දුනි.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ අක්‍රමවත්ව ඉදිකර ඇති නිවාස ව්‍යාපෘති පිළිබදව සොයා බැලිම සදහා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රේණුක පෙරේරා මහතා ඇතුණ නිළධාරීන් පිරිසක් ඊයේ (18) හම්බන්තොට සිදුකල සංචාරයකදී සභාපති වරයා මේ උපදෙස් ලබා දිම සිදු කෙරුණි.
මෙලස ඉදිකිරීම් නවතා දැමුනේ ලුණුගම්වෙහෙර පඩව්ගම අඩක් ඉදිකිරීම් කර තිබු නිවාස 24න් යුත් ටෙනිසන් එදිරිසුරිය ගම හා නිවාස 24 කින් සමන්විත ගුණපාල තිස්සකුට්ටිආරච්චි යන උදාගම්මාන දෙකය.
පසුගිය රජය සමයේ හිටපු නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් ඉංදියානු ආධාර යටතේ 2017.02.16 දින මෙම නිවාස ව්‍යාපෘති දෙක ආරම්භ කර තිබේ.පඩව්ගම ඉදිකර ඇති විදුලි වැටෙන් ඇතුලට වන්න වන අලි ජිවත් වෙන රක්ෂිතය තුළ මෙම උදා ගම්මාන ව්‍යාපෘති දෙක ඉදිකර තිබේ.
ඒ අනුව පළමු අධියර යටතේ නිවාස එක් ලාභියෙකුට රුපියල් 90,000 බැගින් නිවාස ලාභීන් 48 දෙනා වෙත රුපියල් හතලිස් තුන් ලක්ෂ විසිදහසක මුදලක් බෙදා දි තිබේ.මෙම එක් නිවසක් සදහා රුපියල් ලක්ෂ පහක මුදලක් ලබා දීමට කටයුතු කර ඇත.කෙසේ වෙතත් මේ වන විට වන අලින් ජිවත් වෙන රක්ෂිතයක් තුළ මෙම උදාගම්මාන ඉදිකිරිම සිදුකර ඇති නිසා ඒය නවතා දැමිමට කටයුතු කෙරුණි.
