සිංගප්පූරුවේ පියා යන විරුධාවලිය ලත් ලී ක්වාන් යූ අද (29දා) දිනයේ දැයෙන් සමුගැනීමට නියමිතය.
ලී ක්වාන් යූ මහතාගේ දේහය පිළිබඳ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය අද පැවැත්වීමට නියමිත අතර, පසුගිය සඳුදා දිනයේදී හෙතෙම අභාවප්‍රාප්ත වූයේ වයස අවුරුදු 91 ක් අයු වැළඳීමෙන් පසුවය.
මෙම අවමංගල්‍ය උත්සවයට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, ඔස්ට්‍රේලියා අගමැති ටෝනි ඇබොට්, ඉන්දුනීසියා ජනපති ජොකෝ විඩෝඩෝ, මැලේසියාවේ අබ්දුල් හලීම් රජු, ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ, දකුණු කොරියානු ජනපති පාක් ගුවෙන්-හයි ආදී රාජ්‍ය නායකයන් රැසක් සහභාගි වීමට නියමිතය.
මේ අතර අද දිනය ඉන්දියාවද ශෝක දිනයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, එරට තුළ කිසිදු ආකාරයක විනෝද සංදර්ශන එදින නොපැවැත්වෙන බවද විදෙස් වාර්තා පවසයි.