ඉදිරි දින තුන ඇතුළත ලිට්රෝ ගෑස් සිලින්ඩර් 350,000ක් වෙළෙඳපොළට බෙදා හැරීමට නියමිත බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි.
සමාගම පවසන්නේ ගෑස් මෙට්රික් ටොන් 3,900ක් රැගත් CORINTHIAN නෞකාව ඊයේ (22) දින කොළඹට පැමිණි බවත් ගොඩ බෑමේ කටයුතුද ඊයේ පස්වරුවේම ආරම්භ කළ බවයි.
දිවයින පුරා ගෑස් බෙදාහැරීම අඛණ්ඩව සිදුකරන බැවින් සුපුරුදු පරිදි ගෑස් සිලින්ඩර ලබා ගැනීමේ පහසුකම පාරිභෝගිකයින්ට පවතින බවත් අනවශ්ය ලෙස ගෑස් තොග රැස් කර ගැනීමෙන් වළකින ලෙසත් සමාගම පවසයි.