ලාංකික සිසුන්ට කොරියාවේ උසස් අධ්‍යාපනය , රැකියා සමග පුරවැසිභාවය
කම්කරු අමාත්‍යංශය යටතේ පවතින " ජාතික වෘත්තීය සුරක්ෂිතතා ආයතනය " මගින් කොරියාවේ ෂැන්වුන්ග්ඩෝ පළාතේ ෂැන්ෂින් විශ්ව විද්‍යාලය වෙත වඩාත් විධිමත් සැළසුමක් යටතේ උසස් අධ්‍යාපනය හදාරා , එහි රැකියා ගත කිරීමේ නව ගිවිසුමකට එළඹුණු 11/04 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසීය .
2023 වසරේ සිට මෙම ක්‍රමය ක්‍රියාත්මක වුවද , එය වඩාත් විධිමත් ආකාරයෙන් සක්‍රිය කිරීමට මෙම නව ගිවිසුම යටතේ හැකි වන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය .
උසස් අධ්‍යාපනය හැදෑරීම සදහා තම ජාතික වෘත්තීය සුරක්ෂිතතා ආයතනය වෙත ලියාපදිංචි වන සිසුන් මේ ආකාරයට කොරියාවේ ෂැන්ෂින් විශ්ව විද්‍යාලය වෙත යොමු කෙරෙන අතර , රැකියා ගත කිරීමෙන් පසු , එරට පුරවැසිභාවය ද හිමි වන බව හෙතෙම වැඩිදුරටත් පැවසීය .
මේ ආකාරයට එරට තවත් විශ්ව විද්‍යාල ගණනාවක් මේ ආකාරයේ වැඩසටහන් සදහා සම්බන්ධ වී කටයුතු කිරීමට කැමැත්ත ප්‍රකාශ කළ බවත් , ඒ පිළිබද තොරතුරු අධ්‍යාපන අමාත්‍යංශය වෙත තමන් යොමු කිරීමට බලාපොරොත්තු වන බවත් මහින්ද ජයසිංහ මහතා පැවසීය.
මහින්ද ජයසිංහ මහතා සිය කොරියානු සංචාරය නිමා කර 11/04 දින රාත්‍රී 06.10 ට කොරියාවේ ඉන්චියොන් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 471 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

