ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර සහිතව සිංගප්පූරුවට ඇතුල් වූ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු සිංගප්පූරුවේ මාස 8ක සිර දඬුවමකට යටත් කිරීමට එරට අධිකරණය කටයුතු කර ඇත.
එන්. කනගරත්නම් (46), කේ, තිත්තියනාතතනම් (27) යන වරදකරුවන් දෙදෙනා මෙසේ සිංග්පූරුවේදී සිර භාරයට යටත් කර ඇත.
පසුගිය මාසයේදී ඔවුන් සිංගප්පූරුවේ චංගි ගුවන්තොටුපොළේදී එරට ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකාවෙන් පිට රැකියාවක් සඳහා තවත් ශ්‍රී ලාංකිකයෙකුගේම මැදිහත්වීම මත ඔවුන් සිංගප්පූරුවට ව්‍යාජ ගමන් බලපත්‍ර සහිතව පැමිණ තිබේ.
එංගලන්තයේ ලන්ඩන් නුවරට යෑම සඳහා සිංගප්පූරුව හරහා ගමන් කරමින් සිටින විට ඔවුන් මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.
ශ්‍රී ලංකා රුපියල් 33000ක හා රුපියල් ලක්ෂයක මුදලයක් යටතේ මෙම සැකකරුවන්ව විදේශ ගත කිරීමට එම ඒජන්තවරයා කටයුතු කර ඇත.
ගමන් බලපත්‍රයේ ඇති ඡායාරූප සත්‍ය පුද්ගලයන්ගේ ඡායාරූප නොවීම හේතුවෙන් ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබේ.
සිංගප්පූරුවේ ආගමන විගමන නීති උල්ලංඝණය කරන්නෙකුට වසර 10ක් දක්වා සිර දඬුවමක් හෝ සිංගප්පුරු ඩොලර් 10000ක දඩයක් හෝ ඒ දෙකම පැනවීමට අවස්ථාව තිබේ.

www.straitstimes.com ඇසුරෙනි