ලංවිම හරහා විනාශ වූ විදුලි පරිපථ නොමිලයේ සකස් කර ගන්න
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් විනාශයට පත්වූ නිවාසවල හානි වූ විදුලි පරිපථ නොමිලයේ අළුත්වැඩියා කරදීමට ලංවිම සේවක කණ්ඩායම් යොදවන ලෙස, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය, රවී කරුණානායක මහතා අදාළ අංශ වෙත උපදෙස් දි තිබේ.
දින ගණනාවක් මුළුල්ලේ දිවයිනට බලපා ඇති අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන්, දිවයිනේ බොහෝ ප්‍රදේශයන්හි ගස් කඩාවාටීම් සහ නායයාම් තත්ත්වයන් ඇති වී තිබෙන අතර ඒතුළින් නිවාස වලට විශාල වශයෙන් හානි සිදුවී තිබේ.
ස්වභාවික ආපදා තත්ත්වයන් මත තම නිවෙස් හෝ ව්‍යාපාරික ස්ථානයන්හි අභ්‍යන්තර විදුලි පරිපථ අක්‍රීය වී ඇත්නම්, ඒ බව ළගම පිහිටි විදුලිබල මණ්ඩලයේ කාර්යාලයට දැනුම්දීමෙන්, අදාළ විදුලි පරිපථ යතා තත්ත්වයට පත්කර ගැනීමේ සේවාව, ලංකා විදුලිබල මණ්ඩලය වෙතින් නොමිලයේ ලබාගත හැකි බව විෂයභාර අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කර සිටී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                