Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 මාර්තු මස 15 වන සෙනසුරාදා
2025 මාර්තු මස 15 වන සෙනසුරාදා
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පරාජය කිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතා අවශ්‍ය නොවන බවත් ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට සජිත් ප්‍රේමදාස මහතා පරාජය කළ හැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවැසීය.
“පසුගිය මාස තුන පුරාම සජිත් ප්‍රේමදාස මැතිතුමාට එජාපයේ අපේක්ෂකත්වය ලබා දිය යුතු බවට අපි විපක්ෂයේ සිට සටනක් කළා. සජිත් ප්‍රේමදාස මැතිතුමාට අපේක්ෂකත්වය ලැබුණු මේ අවස්ථාවේ අපි එතුමාට අපේක්ෂකත්වය ලබා ගැනීමට සටන් කලේ ඇයිදැයි පැහැදිලි කළ යුතු වෙනවා.
අපි සජිත් ප්‍රේමදාස මැතිතුමාව ඉල්ලුවේ අපට පහසුවෙන්ම පරාජය කළ හැකි අපේක්ෂකයා නිසා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ දී දෙවරක් නාමල් රාජපක්ෂ මන්ත්‍රිතුමාට පරාජය වුණු අපේක්ෂකයෙක්. තිස්සමහරාම කොට්ඨාශයේ දී ඩී වී චානක මන්ත්‍රිතුමාට පරාජය වුණු අපේක්ෂකයෙක්. එතුමා පදිංචි ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය සභාවේ දී රසික දිනේෂ් සභාපතිතුමාට පරාජය වුණු අපේක්ෂකයෙක්. ඒ නිසා අපට සජිත් ප්‍රේමදාස මැතිතුමා පරාජය කරන්න ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවශ්‍ය නෑ, ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය සභාවේ රසික දිනේෂ් සභාපතිතුමාටත් ඒක කරන්න පුළුවන්.
සජිත් මැතිතුමා හම්බන්තොට දිස්ත්‍රික්කයේ නායකයා වෙලා 2001 දී තරග කරන විට එජාපය 40%ක් ඡන්ද ලබා ගත්තා. එතුමාගේ නායකත්වය යටතේ එජාපය හම්බන්තොට දිස්ත්‍රික්කය තුල දිගින් දිගටම පිරිහුණා. 2001 දී 40%ක් වුණු ඡන්ද පදනම 2010 දී 30% දක්වා පල්ලම් බැස්සා. සජිත් මැතිතුමා එජාප ජනාධිපති අපේක්ෂකයා වුණාම රට පුරා එජාප ඡන්ද පදනමට සිද්ධ වෙන්නේ හම්බන්තොට වුණා වගේ පල්ලම් බැසීම පමණයි.”
popular news
Deepal Nirosh Saturday, 28 September 2019 12:33 PM
මෙයාල දැන්ම දිනල වගෙයි? මොළයක තරම, සජිත් මැතිතුමා තමා ඉදිරියේ තිබූ අතිශය අපහසු කඩුල්ලෙන් පැනල ජනාධිපති අපේක්ෂකයා වුණා.ඒක ස්ථිරයි. දැන් සජිත් මැතිතුමාට තියෙන්නෙ ජනාධිපතිවරණය ජය ගැනීමේ දෙවන කඩුල්ල විතරයි. ඒකට එතුමාට සහායට 2015 මෛත්‍රීපාල මැතිතුමා හැර එතුමා වටා සිටි සියළු දෙස් විදෙස් බලවේග සීරැවෙන් සිටගෙන ඉන්නවා. ඒත ගෝඨාභය?ඇප තැන්පත් කළත් තාම අපේක්ෂකත්වයවත් ස්ථිර නැහැ. ඒකට තව කඩුළු දෙක තුනක් පනින්න ඉතිරිවෙලා තියනව කියලවත් මේ මෝඩයට නො තේරෙන හැටි? අනික ශ්‍රීලනිපයෙ සහයවත් තාම ස්ථිර නැහැ.
Reply : 0 1
batangala Saturday, 28 September 2019 12:52 PM
මම දැක්ක පොහොට්ටුවේ කෙනෙක් කියනවා සජිත් ට පුලුවන්නම් ගොන් කතා නොකියා මේ චන්දෙ කරන්න කියල.....බලනකොට පොහොට්ටුවේ කට්ටිය දැන්මම තකතීරු කතා පටන් අරන්.
Reply : 0 1
Priyantha Saturday, 28 September 2019 01:59 PM
කට ඇරියොත් මහජන වැසිකිලියක් ඉතිරුවා වගේම තමා.කතාකරනව අහන්නත් අප්පිරියය.
Reply : 0 1
Devinda Uduwara Saturday, 28 September 2019 03:33 PM
Obama went de gena Rihanna Sajithta pera.
Reply : 0 0
Nandana Saturday, 28 September 2019 09:46 PM
ඔයාව පරද්දන්න මට පුළුවන්
Reply : 0 1
හොරෙක් නොපතන අපේක්ෂාව Sunday, 29 September 2019 03:45 AM
දෙමාපිය සොහොන රටේ ජනතාවගේ බදු මුදලින් නිමකර ඒගැන පරීක්ෂණ එන විට වෙනකකු මගින් එම මුදල් ගෙවා දැරීම නීතියානු කුල යයි ඔබ සිතන්නේ නම් --> --> හෙටදිනයේ මහා බැංකු මන්කොල්ලයෙන් සිදුවුනයයි පවසන මුදල කවරෙකු හෝ පියව දැම්මොත් කුමක් කියන්නේද??? --> රටේ සිදුවන හොරකම් මංකොල්ල කම් සදහා නීතිය ක්‍රියාත්මක වී සොරකම එලිවනවිට එම සොරකම් කල මුදල් දේපල නැවත ආපසු ගෙනවිත් දුන්නොත් සුද්ද වන්තයෙක් වන්නේද? ---> එවිට එම හොරා ටම නීතිය ක්‍රියාත්මක කිරීමට බර දෙන්නේද ---> එක හොරෙක් ඉවත් කිරීමට වෙන හොරෙක් හෝ පරණ හොරෙක් ගෙන එන්නේද ? එසේ කර හොරකම නැතිකර හැකිද? --> ඔබත් තමන්ට වැසි වෙන්නේ නම් හොරෙක් වුව කමක් නැත යයි සිතන හොරෙක්ම නම් මෙයටි විරුද්ධ වනු ඇත --> එකෙක් එළවීමට තවකෙක් නොව රටේ අනාගතය වෙනුවෙන් අපේක්ෂාවක් ඇත්නම් වැඩ සුදුස්සෙක් පත්කර ගැනීමට චන්දය බවිත කරමු...
Reply : 0 1
Deepal Nirosh Sunday, 29 September 2019 07:06 AM
සජිත් මැතිතුමා තමුන් ඉදිරියේ තිබූ අමාරුම කඩුල්ල පැනල ජනාධිපති අපේක්ෂකත්වය ගත්තා. ඒකස්ථිරයි. දැන් එතුමාට තියෙන්නෙ ජනාධිපතිවරණය ජය ගැනීමේ දෙවන ඉනිම සාර්ථකව ක්‍රීඩා කිරීමයි. ඒකට එදා 2015 මෛත්‍රී මැතිතුමා හැර එතුමා වටා සිටි සියළු දෙස් විදෙස් බලවේග සහායට සීරුවෙන් ඉන්නවා. ඒත් ගෝඨාභය??? ඇප තැන්පත් කලත් තාම අපේක්ෂකත්වය ස්ථිර නැහැ. ඒකට එතුමාට තව කඩුළු දෙක තුනක් පනින්න අවශ්‍යයි. අපේක්ෂකත්වය ස්ථිර කර ගන්නෙ නැතුව ඇඟිල්ලට වඩා ඉදිමෙන්න හදන මෙහෙමත් මෝඩයෙක්?
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd