රුපියල් හාරකෝටි අසූලක්ෂයක් (48,000,000ක්) වටිනා විදේශ මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස සිංගප්පූරුව බලා රැගෙන යෑමට තැත්කළ ඉන්දීය ජාතික ගුවන් මගියෙකු සහ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු අද (13දා) අලුයම කටුනායක ගුවන්තොටුපළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන්දීය ජාතිකයෙකු වන
40 හැවිරිදි පුද්ගලයෙකු, කොළඹ ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකු හා කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරුවන් අද (13දා) අලුයම 1.55ට පමණ සිංගප්පූරුව බලා පිටත්ව යන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්.-306 දරන ගුවන් යානයට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබිණි.
ඔවුන් විසින් ඇමෙරිකානු ඩොලර් 52,950ක්, යූරෝ 1,53,250ක් , සෞදි රියාල් 2,64,000ක් සහ කටාර් රියාල් 18,500ක් නීතිවිරෝධී ලෙස රැගෙන යමින් සිටියදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
රේගු අධිකාරී ඒ.එම්.ජේම්ස් මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

ටී.කේ.ජී කපිල