රුපියල් දෙකෝටි හැත්තෑ පන් ලක්ෂ විසි හතර දහසක් (2,75,24,000) ක් වටිනා ඇමෙරිකානු ඩොලර් තොගයක් නීතිවිරෝධී ලෙස ඉන්දියාවට රැගෙන යෑමට තැත් කළ චීන සහ නේපාල ජාතිකයන් සිව් දෙනෙකු අද (17දා) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.
මොවුන් අද අලුයම 5.40 ට ඉන්දියාවේ මුම්බායි බලා පිටත්ව යන ජෙට් එයාර් වේස් ගුවන් සේවයේ 9W255 දරණ ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ සහ ඇඳ සිටි කළිසම් වල සාක්කු වල මෙම ඇමෙරිකානු ඩොලර් 169,900 සගවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම මුදල් ශ්‍රී ලංකාවේ කැසිනෝ ක්‍රීඩා කර එයින් ජයග්‍රහණය කළ මුදල් තොගයක් බව ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සදහන් කරයි.
ටී.කේ.ජී. කපිල
