ලක්ෂ හතරක මත්කුඩු සමග සහෝදරියන් දෙදෙනෙක් අත්අඩංගුවට
රුපියල් ලක්ෂ හතරකට අධික වටිනා හොරෙයින් මත්කුඩු සමග එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙක් පානදුර නිව්ඩාව ප්‍රදේශයේ නිවසකදී අද (4දා) අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලීසිය කියයි. සැකකාරියන් සමග මත්කුඩු ග්‍රෑම් 15 කට ආසන්න ප්‍රමාණයක් ජංගම දුරකථන හතරක් සහ බැංකු ගිණුම් පොතක් පොලිස් භාරයට ගෙන ඇත.
මොරටුව මුර වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවන් දෙදෙනෙක් පානදුර නිව්ඩාව ප්‍රදේශයේ නිවසකට පැමිණ හොරොයින් මත්කුඩු ජාවාරමේ යෙදෙන බවට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ලද තොරතුරක් අනුව වැටලීම සිදු කළ බව පානදුර දකුණ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම් එස් කුමාරසේන මහතා පැවසීය.
වයස අවුරුදු හා 40 සහ 55 අතර පසුවන මෙම සැකකාරියන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ අනියම් පුරුෂයා මත් කුඩු ජාවාරම්කරුවෙකු බවත් ඔහු ලබාදෙන මත්කුඩු මොවුන් දෙදෙනා අලෙවි කරන බවත් මෙතෙක් කරන ලද විමර්ශනවලදී අනාවරණ වූ බව පොලිස් නිලධාරියකු පැවැසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

