ලක්ෂ 12 ක හෙරෝයින් සමග ප්‍රධාන ජාවාරම්කරුවකු අත්අඩංගුවට
ලක්ෂ 12කට ආසන්න වටිනාකමකින් යුත් හෙරෝයින් තොගයක් සමග මෝටර් රථ දෙකක් යතුරුපැදි දෙකක් සමග ලක්ෂ තුනකට ආසන්න මුදලක් සමග ප්‍රධාන පෙලේ හෙරෝයින් ජාවාරම්කරුවකු පුත්තලම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් අද ( 12 ) අලුයම අත් අඩංගුවට ගත් බව කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම තිල්අඩිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 42 හැවිරිදි දමිල ජාතිකයකු බව කියයි.
මෙම සැකකරු කුලි පදනමට යොදාගත් මෝටර් රථ යොදා ගනිමින් මෙම ජාවාරම සිදුකර ඇති බව කියයි.
පුත්තලම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලැබුන තොරතුරක් මත පුත්තලම නගරයේ හෙරෝයින් බෙදාහැරිම සදහා මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී රැකවල්ලා සිට අත්අඩංගුවට ගත් බව කියයි.
සැකකරු සන්තකයේ තිබු හෙරෝයින් ග්‍රෑම් 75 ක් සමග හෙරෝයින් ජාවාරමෙන් අද අලුයම ලබාගත් රුපියල් දෙලක්ෂ හැට දෙදහස් පන්සියයක් මුදලක් ද වැටලිම කල නිලධාරින් සොයා ගෙන තිබුනී.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්ණ කිරිමේදි හෙලිව ඇත්තේ මෙම සැකකරු එල් .ටි. ටි.ඊ. සංවිධානයට අයත් ගිනිඅවි අලෙවි කිරිමේ ජාවාරමක්ද මෙහෙය වු අයකු බවයි.
අදාල සැකකරු මෙම ගිනිඅවි ජාවාරම සම්බන්ධව ත්‍රස්ත විමර්ශන ඒකකය මගින් 2008 වසරේ ටි .56 ගිනිඅවි තුනක් පිස්තෝලයක් සමග අත්අඩංගුවට ගෙන තිබු බවත් 2018 වසරේදි නිදහස් කර ඇති බවයි .
අත්අඩංගුවට ගත් සැකකරු හෙරෝයින්,හා වාහන සමග මුදල් පුත්තලම මුලස්ථාන පොලිසියට භාර දිම කර තිබේ .

popular news
-
Kumar Sunday, 13 September 2020 07:57 PM
So what happened to all the narcotics collected by the police. Drug dealers arrested should lose all the wealth like in the US. In the US these guys lose their homes as well.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

