ලංකාවේ වෙරළට වසරකට කුණු ටොන් මිලියන 32ක්
ශ්‍රී ලංකාවේ වෙරළ කලාපයට වසරකට කසළ ටොන් මිලියන 32කට වැඩි ප්‍රමාණයක් එකතු වන බව සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළේය.
රට අභ්‍යන්තරයෙන් සහ මුහුදෙන් මෙලෙස කසළ එකතු වන බවත්, එසේ වුවද සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරියට මේ සම්බන්ධයෙන් ගතහැකි ක්‍රියාමාර්ග අල්ප බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
කොළඹ ආශ්රිත වෙරළ කලාපයේ වැඩි වශයෙන් කසළ ප්‍රමාණයක් දක්නට නොමැති වීමට හේතුව වන්නේ එම ප්‍රදේශ නිරන්තරයෙන් පිරිසුදු කිරීම නිසා බවත්, එසේ වුවද උතුර, නැගෙනහිර, දකුණ ආදී ප්‍රදේශවල එම තත්ත්වය ඉතා බහුලව දැකිය හැකි බවත් ප්‍රදීප් කුමාර මහතා කීවේය.
වෙරළට පැමිණෙන කසළ ඉවත් කරමින් වෙරළ පිරිසුදු කිරීම කසළ ප්රශ්නය වැළැක්වීමට විසඳුම නොවන බවත්, මේ සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතු බවත් ප්‍රදීප් කුමාර මහතා වැඩිදුටරත් සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ටර්නි ප්‍රදීප් කුමාර මහතා,
"ලංකාවේ වෙරළ කලාපයට වසරකට කසළ ටොන් මිලියන 32ක් පමණ එකතු වෙනවා. කොළඹ වෙරළ කලාපයේ මේවා දකින්න නැත්තේ දවස ගාණේ පිරිසුදු කරන නිසා. නමුත් දකුණු පළාත, නැගෙනහිර පළාත, උතුරු පළාත වගේ තැන්වල කසළ තියෙන්නේ සුද්ද කරන්න කට්ට්ය නැති නිසා. ඒවා හොඳට පෙනෙන්නට තිබෙනවා.
මේ විදිහට එකතු වන කසළවලට එරෙහිව සමුද්‍රීය පරිසර අධිකාරියට ක්‍රියාමාර්ග ගන්න අපහසුයි. මොකද කසළ ඇති වෙන්නේ රට මැද, ඒ විදිහට රට මැද වෙන දෙයකට ක්‍රියා කරන්න අපට බලතල නැති නිසා. ඒ වගේම වෙරළ කලාපය පිරිසුදු කිරීම මේ කසළ ප්‍රශ්නයට උත්තරයක් නෙවෙයි.
පිස්සු බල්ලෙක් වලිගයෙන් අල්ලගෙන පාලනය කරන්න හදනවා වගේ වැඩක් මේක. මොකද ඒ බල්ලගේ ඔළුව තියෙන්නේ වෙන තැනක. ඒ නිසා කසළ ජනනය වන තැන හොයාගෙන එය නැති කළ යුතුයි.
කසළ අඩු කරන්න සමාජ සත්කාර වැඩ ගැන නිරන්තරයෙක් කතාබහ වෙනවා. නමුත් ලංකාවේ තිබෙන එක ප්‍රශ්නයක් තමයි ද්‍රව්‍යයක් විකුණන්න හොඳ ප්‍රතිපත්තියක් තිබුණත්, ඒවායින් බැහැර කරන අපද්‍රව්‍ය යළි ප්රතිචක්රිකරණ වැඩපිළිවෙළක් නැතිකම. ඇතැම්විට ක්‍රමවේද කිහිපයක් තිබුණත් ඒවා එකිනෙකට සම්බන්ධ නැහැ.
සමාජ සත්කාර ගැන කතා කළත් එක් පුද්ගලයකු වශයෙන් තමන් නිසා ජනනය වන කසළ අඩු කිරීම ගැන, ඒ වෙනුවෙන් කරන්න පුළුවන් කුමක්ද, නිවස තුළ කරන්න පුළුවන් මොනවද කියන කාරණා ගැන අපි කතා කරන්නේ නැහැ.
ඒ වගේම ලංකාවේ කසළ කළමනාකරණ ගැන නීති වර්තමානයට ගැළපෙන්නෙ නැහැ. සැෂේ පැකට් නවත්වන්න කතා කරනවා, නමුත් ඒවාට අදාළ නීති නැහැ. කසළ සම්බන්ධයෙන් නිවැරදි ක්‍රමවේදයක් අනුගමනය කරන තත්ත්වයක් ඇති කරගත යුතුයි" යැයි සඳහන් කළේය.

popular news
-
හේරත් Monday, 10 February 2020 10:23 AM
මේ ගැන දුක් වෙනවා හැරෙන්න වෙන කරන්න නම් දෙයක් නැ. අපි ලෝකයෙන් හුදකලා වු දුපත් වැසියන් වීම අප කිසි දිනෙක අගය කිරිමට පුරුදු-පුහුණු වුයේ නැත!. ඒහි තිබෙන වාසි සහ අවාසි ජාතියක් විදියට තේරුම් ගත්තේ නැත. කුනු පාලනය කිරීමට තිබෙන ලොව පිලිගත් එකම විකල්පය "කුනු-නිෂ්පාදනය පාලනය කිරිම පමණි". අපිට එය කිරිමට බොහෝ හැකියාවන් තිබුනද, රටේ දේශපාලන බලය බදා ගත් අයට ඒ ගැන දැනුමක් නැත, ඔවුන්ට ඒ ගැන සංවේදි බවක් ද නැත. පරිසර අමාත්‍යාංශ පත් කිරිමෙන් මෙය කල නොහැක.
Reply : 0 0
Dayan Monday, 10 February 2020 02:45 PM
මේ ප්රශ්නය නම් වහා විසදිය යුතු එහෙත් ඉතාම අමාරු වැඩක්. මුළු රම එක්වී කලයුතු දෙයක්. දෙසපාලකයන් මෙතෙක් මේ ගැන දන්නේ නැතුවත් ඇති. මොකද එයාලට ඕනා චන්දය විතරය්. රටට මොනවා උනත් කමක් නැහැ. මුහුදු මාළු වල ප්ලාස්ටික් බහුලෛ කියල වාර්තා කරලා තියෙනවා. රට ලස්සන උනාට මිනිස්සු අවලස්සනෛ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

