ලාංකිකයන් 745ක් මත්තලට හා කටුනායකට
කුවේට් , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ , කටාර් සහ ඉන්දියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 745 දෙනෙකු එම රටවල සිට පැමිණි ගුවන් යානා 04 කින් අද (20දා) අලුයම කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
කටාර් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 20 දෙනෙකු රැගෙන කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන් අලුයම 1.31 ට දෝහා සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
ඉන්දියාවේ චෙන්නායි හි රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 290 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් අලුයම 5.08 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
කුවේටයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 266 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරන විශේෂ ගුවන් යානය අලුයම 4.22 ට මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 169 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන විශේෂ ගුවන් යානය අලුයම 5.30 ට ඩුබායි සිට මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
මෙම සියලුම ගුවන් මගීන් එම ගුවන් තොටුපළ වලදී පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කිරීමෙන් අනතුරුව නීරෝධායන කටයුතු සදහා යොමු කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

