ලංකා පෞද්ගලික මගී ප්‍රවාහන සේවකයන් වැඩවර්ජනයකට
වැටුප් 10%කින් ඉහළ දමා ගැනීමට හා තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් හෙට (15දා) මධ්‍යම රාත්‍රී 12 සිට සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව ලංකා පෞද්ගලික මගී ප්‍රවාහන සේවකයන්ගේ සංගමය සඳහන් කරයි.
මීට අමතරව 16 වැනිදා බස්රථ රියදුරන්, කොන්දොස්තරවරුන් සහ අනෙකුත් මගී ප්‍රවාහන සේවකයන් සමග කොළඹ නගරය තුළදී දැවන්ත විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බවද එම සංගමයේ සභාපති සුමිත්‍ර කුමාරදාස කුලියාපිටිය මහතා සඳහන් කළේය.
හෙට මධ්‍යම රාත්‍රී 12 සිට ආරම්භ වන බස්රථ රියදුරු, කොන්දොස්තරවරුන්ගේ වැඩවර්ජන ගැටලු විසඳන තෙක් පවත්වාගෙන යන බවද අද (14දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේය.

popular news
-
Ruwan Tuesday, 14 August 2018 10:46 PM
අලුත් බස් රථ ලියාපදිංචි කිරීමට මේ කාලය ප්‍රයෝජනයට ගන්න. මොවුන්ට අවශ්‍ය දේ කරගෙන යාමට අපිත් උදවු වෙමු. දවස් දෙකෙන් භාර්යාවන් බනින විට මොවුන් ජනාධිපති හමුවී වැඩට එනු ඇත.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
