ලංකාව සීෂෙල්ස් රාජ්‍යයට වෙරළ මුර යාත්‍රා දෙකක් ප්රදානය කරයි
ශ්‍රී ලංකා නාවික හමුදාව නිෂ්පාදනය කරන ලද වෙරළ මුර යාත්‍රා දෙකක් සීෂෙල්ස් රාජ්‍ය වෙත නිල වශයෙන් භාරදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01දා) පස්වරුවේ කොළඹ, වරාය පරිශ්‍රයේ ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනයේ දී පැවැත්විණි.
ශ්‍රී ලංකාව සහ සීෂෙල්ස් රාජ්‍ය අතර ද්විපාර්ශ්වික සබදතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් ජනාධිපතිවරයාගේ පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ දී සීෂෙල්ස් හි කළ රාජ්‍ය සංචාරයේ දී ලබා දුන් පොරොන්දුවක් අනුව ශ්‍රී ලංකාවේ ප්‍රදානයක් ලෙස මෙම නාවික යාත්‍රා සීෂේල්ස් රාජ්‍ය වෙත ලබාදීමට පියවර ගැනිණි.
මෙම නාවික යාත්‍රා වැලිසර නාවික කදවුරේ පිහිටුවා ඇති වෙරළ මුර යාත්‍රා තැනීමේ ව්‍යාපෘති වැඩපල (Inshore Patrol Craft Construction Project) මගින් අන්තර්ජාතික ප්‍රමිතිය යටතේ නිෂ්පාදනය කර තිඛෙන අතර, ශ්‍රී ලංකා නාවික හමුදා තාක්ෂණය භාවිතයෙන් හා නාවික ඉංජිනේරුවන්ගේ අධීක්ෂණය යටතේ සති 06ක් වැනි කෙටි කාලයක් තුළදී එම නිෂ්පාදන කටයුතු සිදු කර තිබීම විශේෂත්වයකි.
එමෙන්ම තවත් මෙවන් යාත්‍රාවක් මුදල් ගෙවා ලබා ගැනීමට ද සීෂෙල්ස් රාජ්‍ය ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත කැමැත්ත පළ කර තිබේ.
මෙම යාත්‍රා භාරදීමේ අවස්ථාව වෙනුවෙන්ම සීෂෙල්ස් උප ජනාධිපති වින්සන්ට් මෙරිටන් මහතා දිවයිනට පැමිණි අතර ජනාධිපති විසින් යාත්‍රා භාරදීමට අදාළ ලිපි ලේඛන ඒ මහතා වෙත නිල වශයෙන් පිළිගන්වනු ලැබීය.


popular news
-
rocky Sunday, 03 February 2019 12:33 PM
වෙනත් රටවල් වලින් හිඟා කනවා. ඒ සල්ලි වලින් කොමිස් කෙලිනවා මදිවට පින් කරනවා! අනේ සාධු! එත් ඉතින් ඕව ඔක්කොටොම ගෙවන්න වෙන්න දුගී දුප්පත් ජනතාවට! නොදෝමකින්!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

