ලංකාවේ සෑම නිවසක්ම පරීක්ෂා කරනවා - ජනපති
ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා ඉදිරියේදී සෑම නිවසක්ම පරීක්ෂා කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. අද පෙරවරුවේදී මාධ්‍ය ආයතන ප්‍රධානින් හා පැවැති හමුවේදී ඔහු මේ බව සඳහන් කළේය.
“කෙටිකාලීන හා දිගුකාලීන සැලසුම් අපි හදලා ඉවරයි. අද හෝ හෙට අපි ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කරනවා. මේකට ප්‍රධානීන් පත්කරලා. පැය 24 පුරාම කටයුතු කරනවා.
හදිසි නීතිය යටතේ හමුදාවටත් බලය තිබෙන නිසා පොලීසිය හා ත්‍රිවිධ හමුදාව දිගටම වැටලීම් කරනවා. සමහර වෙලාවට ඉස්සරහට එන්න පුළුවන් අපිට නිදහසේ ඉන්න දෙන්නේ නෑ කියලා.
අපි ජනතාවගේ සහාය ඉල්ලා සිටිනවා. දැනටමත් අපි මේ කටයුතු ආරම්භ කර තිබෙනවා. අපි ලංකාවේ සෑම ගෙයක්ම පරීක්ෂා කරනවා. උසාවියේ නියෝග ගන්න අවශ්‍ය නෑ. සියලුම අමාත්‍යාංශ ලේකම්වරු ගෙනල්ලා සාකච්ඡාවක් තිබුණා. අපි මේ ගැන චක්‍රලේඛ එවනවා.
ග්‍රාම නිලධාරීන් සමග තිබෙන තොරතුරු සමග නිවසේ ඉන්න ඕන. ඊට බාහිර කවුරුත් නිවසේ ඉන්න විදිහක් නෑ.”

popular news
-
ranjith Saturday, 27 April 2019 06:24 AM
එක හොද යෝජනාවක් මේ රටේ හෙම නිවසකම ග්‍රාම නිලදාරී කොට්ටාස මට්ටමින් පරීක්ෂා කලුතුය අ වගේම ජන්ද දායක ලිස්තුවේ ලියාපදිංචි නෙති කෙනෙක් නිසවක සිටිනවානම් ලගම පොලසියේ එය ලියාපදිංචි කරන ක්රමයක්ද සුදුසුය තවද යමෙක් තම නිසව කුලියට හෝ බදු දෙනවනම් එම ආගන්තුක පුත්ගලයනගේ අනන්‍යතාවය තහුරු කරගෙනීම සහ ලගම පොලිසියට එම තොරතුරු ලබාදීම වෙදගත් තමන් කුලියට බද්දට දෙන නිවසේ පදිංචි කරුවන් ගේ ක්‍රියාකලාපය ගෙන ඓති කරුවන්ට වගකීමක් දිය උතුය
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

