ශී‍්‍ර ලංකාවේ තේ සඳහා තායිලන්තය තුළ ඉදිරියේදී වැඩි අවස්ථාවක් ලබා ගැනීමේ හැකියාව සොයා බලන බව තායිලන්ත අග්‍රාමාත්‍ය ජනරාල් ප්‍රයුත් චාන් ඔ චා මහතා පැවසීය.
දෙදින නිල සංචාරයකට ශ්‍රී ලංකාවට පැමිණි සිටින තායිලන්ත අග්‍රාමාත්‍යවරයා හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ඊයේ පැවැති ද්විපාර්ශ්වීය සාකච්ඡාවලදී ඔහු මේ බව සඳහන් කර තිබේ.
දෙරටේ බෞද්ධ උරුමය ලොවට ගෙනයාම සඳහා ඒකාබද්ධ සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් කි‍්‍රයාවට නැංවීම කෙරෙහිද මෙහිදී රාජ්‍ය නායකයන් දෙපළගේ අවධානය යොමුව ඇත.
දෙරට අතර සහයෝගිතාව සහ මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා නැවත වරක් තායිලන්තයේ නිල සංචාරයකට එක්වන ලෙස මෙහිදී තායිලන්ත අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයා වෙත ආරාධනා කළ බව ජනපති මාධ්‍ය අංශය පවසයි.
ශී‍්‍ර ලංකාව සහ තායිලන්තය අතර වෙළෙද වෙළෙඳ පරතරය අඩුකර ගැනීම පිළිබඳව සාකච්ඡ මෙහිදී සාකච්ඡාවකට ලක්ව තිබේ.
මෙහිදී ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර අවබෝධතා ගිවිසුම් 04කටද අත්සන් තැබීය. නීති උල්ලංඝනය කරන පුද්ගලයන් හුවමාරුව, දෙරට අතර ක්‍රමෝපායික ආර්ථික හවුල්කාරීත්වයට, තායිලන්ත රජු විසින් ප්‍රචලිත කරන ලද ප්‍රමාණාත්මක භාවය පිළිබඳ ආර්ථික දර්ශනය මත පදනම්ව තිරසර ප්‍රජා සංවර්ධන ආකෘතියක් සඳහා වූ ඒකාබද්ධ කි‍්‍රයාකාරම් වැඩසටහන හා ප්‍රාථමික නිෂ්පාදනවල අගය එකතු කිරීම සඳහා තාක්ෂණික සහයෝගීතාව පිළිබඳ ගිවිසුමට මේ අනුව අත්සන් තැබීය
.