රෝගීන්ට බිල්පතක් ලබා දීමට පෙර සෞඛ්‍ය ඇමති ඇතුළු දේශපාලනඥයන් නඩත්තු කිරීමට වියදම් වන මුදල ප්‍රසිද්ධියට පත්කළ යුතු බව සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
බදු මුදලින් නඩත්තු වන සෞඛ්‍ය සේවාවට බිල්පත් නිකුත් කිරීමට බදු මුදලින් නඩත්තු වන සෞඛ්‍ය ඇමතිට නොහැකි බවත්, සෞඛ්‍ය සේවාව සෞඛ්‍ය ඇමතිගේ බූදලයකින් නඩත්තු නොවන බවත් එම සංගමයේ සභාපති වෛද්‍ය ගිෂාන්ත දසනායක මහතා අද (02දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
කළුබෝවිල රෝහල තුළින් ක්ෂණිකව ආරම්භ කළ බිල්පත් ලබාදීමේ ක්‍රමය පරාජයට පත් කිරීමට වෘත්තීය සමිති සමග සාකච්ඡා ආරම්භ කළ බවද ඔහු කියා සිටියේය.
