රෝගාබාධ සඳහා මුදල් ඒකතු කිරීමේ දැන්වීම් ජාවාරමක් වෙලා
විවිධ රෝගාබාධ සඳහා මුදල් එකතු කිරීමට පුවත්පත්වල පළ කෙරෙන ඇතැම් දැන්වීම් ජාවාරමක් බවට පත්ව ඇතැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.
අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ පුවත්පත්වල පළ කෙරෙන එවැනි දැන්වීම් පිළිබඳ වාර්තාවක්, සෞඛ්‍ය අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය විසින් අමාත්‍යවරයාට ලබාදෙන අතර,ඒ අනුව අදාළ රෝගීන් අමතා සොයාබැලීමක් එම ඒකකය හරහා දෛනිකව සිදු කෙරෙන බවයි.
ඒ අනුව රත්නපුර, උඩකරවිට ප්‍රදේශයේ ජීවත්වන කාන්තාවකගේ පිළිකා රෝගයකට ප්‍රතිකාර ගැනීම සඳහා මසකට රුපියල් 7,000ක් වැය වන බවට සඳහන් කරමින් පළකර තිබූ මුදල් එකතු කිරීමේ දැන්වීමක් ඔස්සේ සිදු කරන ලද සොයාබැලීමකදී අදාළ කාන්තාව මහරගම පිළිකා රෝහලෙන් සියලුම ප්‍රතිකාර නොමිලයේ ලබාගන්නා බවට තහවුරුව ඇති බව අමාත්‍යාංශය සඳහන් කරයි.
අදාළ වාර්තාව ව්‍යාජ එකක් වන අතර, එක්තරා වාර්තාකරුවෙකු පැමිණ තම ස්වාමිපුරුෂයාගෙන් විස්තර ලබාගත්තේ යැයි එම කාන්තාව ප්‍රකාශ කළ බව සඳහන් කරන අමාත්‍යාංශය මෙවැනි ජාවාරම් පිළිබඳ විමසිලිමත් වන ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටියි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

