රේගු නිලධාරීන්ගේ වෘත්තීය ක්රියාමාර්ගයට තවත් පිරිස් එක්වෙයි
රේගු නිලධාරීන් විසින් ආරම්භ කර තිබෙන අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්රියාමාර්ගයට සහයෝගයක් වශයෙන් වාප්පු ලිපිකරුවන්, කන්ටේනර් රථ රියැදුරන් හා රේගු නියාමක නිලධාරීන් හෙට (05දා) දින සිට අකුරට වැඩ කිරීමේ ක්රියාමාර්ගය ආරම්භ කරන බව ශ්රී ලංකා නිදහස් රජයේ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.
තම සන්ධානය යටතේ සිටින සාමාජිකයන් උදෑසන 8.00 සිට මෙම ක්රියාමාර්ග දියත් කරන බවත්, මීට අමතරව අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්රියාමාර්ගය වැඩවර්ජනයක් දක්වා ක්රියාත්මක වුවහොත් තම කණ්ඩායමද එම ක්රියාමාර්ගයම ක්රියාත්මක කරන බවත් එම සංගමයේ කැඳවුම්කරු රෝ විජේකෝන් මහතා සඳහන් කළේය.
පවතින ගැටලුකාරී තත්ත්වය පිළිබඳ හෙට (05දා) දින සවස ශ්රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා දැනුවත් කරන බවත්, ඉන් පසු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා දැනුවත් කරන බවද හෙතෙම පවසා සිටියේය.
මෑත ඉතිහාසයේ රේගුවට පත්වූ අධ්යක්ෂ ජනරාල්වරුන්ගෙන් නීතිය අකුරටම ක්රියාත්මක කරනුයේ ස්ථාන මාරු ලබාදුන් අධ්යක්ෂ ජනරාල්වරිය බවත්, ඒ පිළිබඳ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා දැනුවත් කරන බවත් කැඳවුම්කරු සඳහන් කළේය.
තම සන්ධානයේ සාමාජිකයන්ද අකුරට වැඩ කිරීම ආරම්භ කිරීමත් සමග දැනට දිනකට වරායෙන් ඉවතට යන කන්ටේනර් දෙසීයකට ආසන්න ප්රමාණය හරි අඩක් හෝ ඊට ආසන්න ප්රමාණයකින් අඩුවී යන බවද ඔහු පවසා සිටියේය.
popular news
-
Lal Tuesday, 05 February 2019 07:54 AM
ජයග්රහානය ලබනතුරු දිගටම සටන්වැදිය යුතුයි.රටටවන ආර්ථික පාඩුව රජය සම්පූර්ණයෙන්ම වගකීම බාරගතයුතුයි.
Reply : 0 0
Kumar Tuesday, 05 February 2019 08:33 AM
ලංකාවේ ඉන්න හොරජාවර්ම් කරයන්ට් මේ නෝනා අවහිර වෙන්න ඇති. මේ නෝනා වැනි අය තව කිහිපදෙනෙක් ඉන්නවනම් ලංකාවට හොඳක් කලක් ලබයි. දැන් පත්කල කෙනා හොරජාවරම් කාරයින්ට සහය දෙනකෙනෙක්ද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

