රේගුවට නව සාගර ආරක්ෂක ඒකකයක්
ශ්‍රී ලංකා රේගුව සඳහා නව සාගර ආරක්ෂක ඒකකයක් පිහිටුවීමට තීරණය කර ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
මුදල් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.
රේගු අධ්යක්ෂ ජනරාල් පී.එස්.එම්. චාර්ල්ස් මහත්මියගේ ඉල්ලීමකට අනුව මේ කටයුතු සිදු කෙරේ.
අද වනවිට රට මත්ද්‍රව්‍ය මධ්‍යස්ථානයක් බවට පත්ව ඇති බවත්, මෙම මත්ද්‍රව්‍ය රටට පැමිණිය යුත්තේ සාගරයෙන් බැවින් එලෙස මුහුදෙන් පැමිණෙන මත්ද්‍රව්‍ය වැළැක්වීමේ පියවරක් ලෙස මෙය ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා පැවසීය.
ආරක්ෂක බෝට්ටු කිහිපයකින් මෙම ඒකකය සමන්විත වන අතර, රේගු ආරක්ෂක නිලධාරීන් ඒ සඳහා සේවයේ යෙදවෙන බවද හෙතෙම මෙහිදී පැවසීය.
මෙරටට එන මෙම මත්ද්‍රව්‍යවලින් රේගුවෙන් අත්අඩංගුවට ගනුයේ 5%ක් පමණ වන බවත්, ඉතිරි සියල්ලම පොලීසියෙන් හෝ වෙනත් ආරක්ෂක අංශවලින් අත්අඩංගුවට ගන්නා අතර, එබැවින් මේ සම්බන්ධයෙන් රේගුව වඩාත් ශක්තිමත් කළ යුතු බවත් අමාත්‍යවරයා පැවසීය.
1990 වසරට පෙරාතුව රේගුව සතුව මෙවැනි සාගර ආරක්ෂක ඒකකයක් පැවැති බවත්, පසුව එය ඉවත් කර ඇති බවත් මෙහිදී අනාවරණය විය.

popular news
-
අනුර Friday, 08 February 2019 09:43 AM
ශ්‍රී ලංකා රේගුව තියෙන්නෙ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතෙද....?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
