රුපියල් කෝටි 5කට ආසන්න මුදලක් වැය කර ඇඟිලි සලකුණු සටහන් කිරීම සඳහා උතුරු මැද පළාත් ආයුරුවේද දෙපාර්තමේන්තුව මගින් ඇගිලි සලකුණු යන්ත්‍ර (finger mark) 9ක් මිලදී ගැනීමක් සිදු කර ඇතත්, කෝටි ගනනක් වැය කර මිලදී ගත් එම යන්ත්‍ර භාවිතා කරන්නේ සේවකයන් දෙදෙනකු බව වාර්තාවේ.
ඉකුත් දෙසැම්බර් මසදී මෙසේ මිලදී ගෙන ඇති මේ ඇඟිලි සලකුණු යන්ත්‍ර එකක මිල වී ඇත්තේ රුපියල් පනස් නව දහසකි.
මුර මාරුවක් නොවන රාජකාරී අතර කළමනාකරණ,සංවර්ධන,කාර්යාල කාර්ය සහායක ,ලේඛන භාරකරු ආදී තනතුරු කිහිපයක් සඳහා පමණක් මේ යන්ත්‍ර භාවිතයට ගන්නා ලෙසත් ඒ අනුව අතිකාල සකස් කර ගන්නා ලෙසටත් 2025.05.31 දිනැති ලිපිය මගින් උතුරු මැද පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ කොමසාරිස් තනතුරේ රාජකාරී ඉටු කරන ප්‍රියානි මල්කාන්ති ගොඩගේ මහත්මිය විසින් ආයුර්වේද රෝහල් වෙත ලිඛිතව දැනුම් දී ඇත.
එහෙත් මේ වනතුරුත් සේවකයින් (සංවර්ධන නිලධාරීන්) දෙදෙනෙක් පමණක් හැර අනෙකුත් සියලු සේවකයෝ ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතය ප්රතික්ෂේපකර කටයුතු කරමින් සිටිති.
මෙවැනි දැවැන්ත මුදලක් වැය කර සේවකයින් දෙදෙනෙක් මේ ක්‍රියාව කිරීම තුළින් පමණක් ජනතා විශාල මුදලක් අවභාවිතයට ලක් වී ඇති බව පළාත් සභා සේවකයෝ පෙන්වා දෙති.
උතුරු මැද පළාතේ, පළාත් අනුරාධපුර ආයුර්වේද රෝහල ඇතුළුව රෝහල් නමයක සේවක සේවිකාවෝ හාරසිය පනස් තුන් (453) දෙනෙක් සේවය කරති.හය දෙනෙකු තවත් අනියම් සේවකයෝ ලෙස කටයුතු කරති.සේවක කාඩරයට අනුව උතුරු මැද පළාතේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සිටිය යුතු සේවක සංඛ්‍යාව හයසිය හතලිස් හතකි.(647)
මේ සිද්ධිය සම්බන්ධයෙන් උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආර්. එම්. ඩී පී. පුෂ්ප කුමාරි මහත්මියගෙන් කළ විමසීමේදී කියා සිටියේ මේ සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයාගේ අවධානය යොමු කර ඇති බවයි.ඇඟිලි සලකුණු යන්ත්‍ර රටේ සියලුම රාජ්‍ය සේවකයින්ට ලබා දෙන ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම යෝග්‍ය බවද ඇය යෝජනා කලාය.