මිද්දෙනියෙන් සොයා ගත් අයිස් කන්ටේනර් රේගුවෙන් පරික්ෂා කර නිදහස් කරලා තිබෙන්නේ
- 9 09 2025
- 13:08
- {{hitsCtrl.values.hits}} views
- ..
මිද්දෙනියේදී සොයා ගනු ලැබූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයේ තිබූ කන්ටේන්ර් 2 පරික්ෂාවට ලක්කර නිදහස් කර ඇති බවට රේගුව ප්‍රකාශ කරන බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අද(09දා) මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
“මේ කන්ටේනර් 2 පරික්ෂාවට ලක් කරලා තමයි නිදහස් කරලා තියෙන්නේ රේගුව කියන විදියට. එතනදී සිදු වුණු අක්රමිකතාවන් පිළිබඳ දැන් රේගු දෙපාර්තමේන්තුව පැත්තෙන්ම පරීක්ෂණයක් කරමින් පවතිනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැත්තෙනුත් පරීක්ෂණයක් කරමින් පවතිනවා. ඒ අනුව අපිට බලාගන්න පුළුවන් සැලසුම් සහගතව මේ කන්ටේනර් නිදහස් කළාද, මොකක්ද වුණු දේ ආදී සියලු දේවල් ඒ පරීක්ෂණ අනුව සිදු කරන්න පුළුවන්. ”
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

