රුපියල් කෝටි 5 කට අධික කේරල ගංජා මන්නාරමේදී අත්අඩංගුවට
මන්නාරම ඕලුතුඩුවායි වෙරල තීරයේදී සඟවා තිබූ රුපියල් කෝටි 5 කට අධික වටිනාකමින් යුත් කේරල ගංජා කිලෝ 200 යි ග්රෑම් 850ක් අද (18) දින සොයාගත් බවට මන්නාරම පොලිස් දූෂණ මර්ධන අංශය හා නාවික හමුදාව පවසයි.
උතුරුමැද නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් හා මන්නාර පොලිස් දූෂණ මර්ධන අංශ නිලධාරීන් පිරිසක් විසින් ඕලුතුඩුවායි මුහුදු වෙරල ප්රදේශයේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී විශාල පොලිතීන් උර 10 ක් තුල පර්සල් 94 ක කට අයත් අදාල කේරල ගංජා තොගය හමු වී ඇත.
සොයාගත් කේරල ගංජා තොගය සඟවූ පුද්ගලයින් කව්රුන්දැයි යන්න මෙතෙක් අනාවරනය වී නොමැති අතර ඉන්දියාවේ සිට රැගෙනවිත් මන්නාරමේ සඟවා දකුණු ප්රදේශයට ප්රවාහනය කිරීමට සූදානම් කොට තිබූ බවට පොලීසිය හා නාවික හමුදාව සැක පල කර සිටියි.
සොයාගත් කේරල ගංජා තොගය වැඩිදුර පරික්ෂණ සඳහා මන්නාරම පොලිස් දූෂණ මර්ධන අංශයට භාර දීමට නාවික හමුදාව විසින් පියවර ගනු ලැබීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

