හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
ඒ ලබන 8 වනදා දක්වායි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇති හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාගේ ඇප ඉල්ලීමට අදාළ නඩුව කොටුව මහේස්ත්‍රාත් හමුවේ අද කැදවුවා.
එහිදී ඔහුගේ නීතිඥ මඩුල්ල ඇප ඉල්ලමින් සිදු කළ ලිඛිත දේශන සදහා පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වීමට රජයේ නීතිඥවරයෙකු අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ.
ඒ අනුව ඔහු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියෝග කෙරුණේ. කෙසේ වෙතත් රිෂාඩ් බදියුදීන් මහතා අද අධිකරණ හමුවට ඉදිරිපත් කර තිබුණේ ද නැහැ.