අනුරාධපුර කොට්ඨාසයේ කැකිරාව සහ මිහින්තලය යන පොලිස් වසම් තුලදී සිදුවූ මාරක රිය අනතුර දෙකකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එම පොලීසි පවසයි.
මහනුවර යාපනය ඒ නවය මාර්ගයේ කිලෝමීටර් 88 ත් 89 ති කණු දෙක අතර හෝරාපොළ හන්දියේදී කැකිරාව දෙස සිට දඹුල්ල දෙසට පාපැදියක් තල්ලු කරමින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු, එම දෙසටම ගමන් කල යතුරු පැදියක ගැටී එක් අනතුරක් සිදුව තිබේ.
එම අනතුරින් තුවාල ලැබූ පාපැදිකරු සහ යතුරු පැදිකරු කැකිරාව රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඊයේ (8දා) ජීවිතක්ෂයට පත්වූ බව පොලිසිය.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පහළගම මහ ඇලගමුව කැකිරාව ලිපිනයේ පදිංචිව සිටි සුලෙයිමාන් ලෙබ්බේ නමැති 71 හැවිරිදි පුද්ගලයෙකි.
මිහින්තලේ ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් වෑන් රථයක ගමන් කළ පුද්ගලයෙකු තුවාල ලබා රඹෑව රජයේ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩි දුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා ශෛල්‍ය කර්මයක් සිදු කිරීමෙන් අනතුරුව එක් පාදයක් ඉවත් කල බව පොලිසිය කියයි.
අනතුරුව කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී අනතුර සිදුවී සති දෙකකට පසු පෙරේදා (8දා) ජීවිතක්ෂයට පත් වූ බව පොලිසිය සඳහන් කළේය.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වව්නියාව ප්‍රදේශයේ පදිංචි බාලචන්ද්‍රන් කන්දයියා නැමැති පුද්ගලයෙකි.
මරණකරු අධි රුධිර පීඩනය හා වෙනත් රෝග කීපයකින් පෙළුණු බවත් මෙම මරණය රිය අනතුරින් සිදුවූ මරණයක්ද යන්න නිශ්චිතව දැන ගැනීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතව තිබූ බවද පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේය.