රිය අනතුරකින් මාස 17ක දැරියක් මරුට
- 27 11 2026
- 08:46
- {{hitsCtrl.values.hits}} views
- ..
2026.11.26 දින සවස ඇඹිලිපිටිය පොලිස් වසමේ ඇඹිලිපිටිය නෝනාගම මාර්ගයේ කිරලවැල්කටුව ප්රදේශයේදී නෝනාගම දෙසට ධාවනය වූ ලොරි රථයක් එම දිශාවටම ඉදිරියෙන් නවතා තිබූ යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් යතුරුපැදිකරු, පසුපැදිකාරිය හා දැරියක් තුවාල ලබා ඇඹිලිපිටිය රෝහලට ඇතුලත්කර ප්රතිකාර ලබමින් සිටියදී දැරිය මියගොස් ඇත. මියගිය දැරිය අවුරුදු 01 මාස 05 ක් වූ ගලෙන්බිදුනුවැව ප්රදේශයේ පදිංචි යතුරුපැදිකරු හා පසුපැදිකාරියගේ දියනිය වේ.
සිද්ධියට සම්බන්ධ ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඇඹිලිපිටිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
