රියාජ්ව නිදහස් කිරීම ගැන ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු 100ක් පරික්ෂණයක් ඉල්ලති
පාස්කු දිනයට අනුබල දීම මත සැකපිට අත්අඩංගුවට ගත්, හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයෙක් වන රියාජ් බදියුදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිදහස් කිරීමට එරෙහිව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 100 දෙනෙකුගේ අත්සනින් යුත් ලිපියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අරලියගහ මන්දිරයේදී අද දින (09දා) බාර දෙන ලදී.
2019 අප්‍රේල් මස 21 වන දින සිදුවූ පාස්කු දින ප්‍රහාරය එල්ල කළ ත්රස්තවාදීන්ට අනුබල දීමට සැකපිට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයෙක් වන රියාජ් බදියුදීන් පසුගිය අප්‍රේල් මස 14 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගන්නා ලදී. මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ප්‍රබල සාක්ෂි අනාවරණය වී තිබියදීත් සැප්තැම්බර් මස 30 වන දින උසාවියට ඉදිරිපත් නොකර කිසිඳු නීතිමය අවසරයකින් තොරව රියාජ් බදියුදීන් මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිදහස් කොට ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කළ මෙම අත්තනෝමතික ක්‍රියාව පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් පවත්වා ත්රස්තවාදයට අනුබල දුන් රියාජ් බදියුදීන් යන අයව නැවත අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 100 දෙනෙකුට අධික කණ්ඩායමක් ජනපතිගෙන් හා අගමැතිගෙන් ඉල්ලා සිටියි.
popular news
-
ජේසු බිළින්දා Saturday, 10 October 2020 09:13 AM
අනේ පනේ අනිච්චං
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

