රැකියා විරහිත උපාධිධාරී උද්ඝෝෂණයට පහරදීම හෙළාදකිනවා
රැකියා විරහිත උපාධිධාරීන් අද (13දා) කොළඹදී පැවැති විරෝධතාව විසුරුවා හැරීමට ආණ්ඩුව එල්ල කළ ප්‍රහාරය හෙළා දකින බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
රැකියා විරහිත උපාධිධාරි සංගමයේ වගකිය යුතු නිලධාරින් සමඟ රජය වහාම සාකච්ඡා කොට ඔවුන් වෙත සාධාරණය ඉටු කිරීමට පියවර ගන්නා ලෙස රජයට දන්වා සිටින බවත් ඔහු පවසයි.
ඔවුන්ට රැකියා ලබා දීම රජයේ පරම යුතුකමක් බවත් රටේ සාමාන්‍ය ජනතාවට පවා ජීවත් වීමට නොහැකි තත්ත්වයක් තුළ විශ්වවිද්‍යාලවලින් පිටවූ තරුණ තරුණියන් තම උගත්කමින් රටට සේවයක් කිරීමට සහ ජීවත් වීම සඳහා රැකියාවක් ඉල්ලීම සාධාරණ බවත් ඔහු පවසයි.
රැකියා ලබා දීම වෙනුවට ඔවුන්ගේ අයිතිවාසිකම් ඉල්ලා උද්ඝෝෂණය කරන අවස්ථාවකදී ඔවුන්ට පහර දීම, අඩම්තේට්ටම් කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවද ඔහුගේ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

popular news
-
chathuri Wednesday, 13 February 2019 10:19 PM
මෙයාගේ බලය. නැති වුනාට පසුව. ජනතාව. දිහා බලන්නේ. හරිම. අනුකම්පාවෙන් ජනතාව දුක් විදිනවට , බඩු මිල වැඩි. වෙනවට. හරිම අකමැති පව්. නේද . කපුටාගේ. කටේ. කේජු කැල්ල ගන්න නරියා මේ වගේ සුරංගනා කතා. හරියට. කිව්වා. මුන්ට බලය ගන්නඕන වුනාම මිනිස්සුන්ගේ. කැත කුණුත්. අත ගවී
Reply : 1 9
lion Thursday, 14 February 2019 06:44 AM
ඔයාගේ කලේ නම් ඕකුන්ට දෙන්නේ වෙඩි පාර. අනේ තමුන්ගේ අනුකම්පාව.
Reply : 1 7
rocky Thursday, 14 February 2019 07:26 AM
අපි හිටියා නම් අඩු ගන්නේ ඔය ගැහැණු ළමයි ඔක්කොටොම වත් රස්සාවල් දෙනවා නේද?
Reply : 0 2
Champa Thursday, 14 February 2019 08:34 AM
මටත් තේරෙන්නේ නැහැ මේ රස්සා ඉල්ලලා උද්ඝෝෂණය කරන උපාධිධාරීන්ට කඳුළු ගෑස් ජල ප්‍රහාර ගහන්නේ මොකොද කියලා? පව් නේද මේ ළමයි. හැම කාලෙදිම මෙහෙමයි. හැමදාම රස්සා ඉල්ලලා වර්ජන.
Reply : 0 1
Priyantha Thursday, 14 February 2019 11:33 AM
ඒ කාලෙනම් කිරි පෙව්වෙ තුවක්කුවලින්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
