රැකියාවේ තෘප්තිමත් බව වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලින් බලාපොරොත්තු විය නොහැකි යැයිද, සාකච්ඡා සම්මුති වලින් ඇතිවන එකඟතාවන් මත රැකියාවේ ගැටලු නිරාකරණය කරගනිමින් තෘප්තිමත් සේවාවක් ඉන් ලබා දිය හැකි යැයිද සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.
තෘප්තිමත් සේවකයන් නිර්මාණය කිරීම තුළින් ආයතනයක් සාර්ථකව ඉදිරියට ගෙන යා හැකි බවද එවැනි ආයතනයන්හි සාර්ථකත්වය උදෙසා සේවක තෘප්තිමත්භාවය වෙනුවෙන් කටයුතු කිරීම පාලකයන්ගේ වගකීම බවද අමාත්‍යවරයා කීය.
සෞඛ්‍ය සේවාවේ ආදේශක සෞඛ්‍ය කාර්ය සහයකයින් 1390 දෙනකු ස්ථිර සේවයට පත්කිරීමේ උත්සව අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව කීය.
මෙම පිරිස සංකේතවත් කරමින් 15 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්රදානය කිරීම ඊයේ සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි.