"මම ලාල් කාන්ත ඇමතිවරයාට අභියෝග කරනවා, පුලුවන් නම් රජරට තියෙන, උතුරු මැද පළාතේ තියෙන සියලුම වැව් වල වැව් තාවුලු අල්ලාගෙන හදලා තියෙන ගොඩනැගිලි මාස 06 ක් ඇතුළත ඔක්කෝම ඉවත් කරලා පෙන්වන්න බලන්න පුලුවන් නම්, මේක කරන්න බෑ. ඒ කරන්න බැරි හේතුව තමයි මේවාට දේශපාලඥයෝ සම්බන්ධ වෙලා ඉන්නවා. ව්‍යාපාරිකයෝ සම්බන්ධ වෙලා ඉන්නවා. කෘෂිකර්ම ඇමති ලාල් කාන්ත මහතා එවැනි අභියෝග ජනතාවට ප්‍රසිද්ධ මාධ්‍ය ඉස්සරහා කියන්න ඕන ඇත්තටම කරන්න පුලුවන් නම් පමණයි.හොඳ වැඩපිළිවෙලක් නමුත් කොච්චර දුරට සාර්ථකව ක්‍රියාත්මක කරන්න පුලුවන් වෙයිද කියන එක මං දන්නේ නෑ" යැයි නාමල් උයන නිර්මාතෘ වනවාසී රාහුල හිමියෝ පැවසූහ.
උන්වහන්සේ මේ බව ප්‍රකාශ කර සිටියේ, අද (26) පස්වරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීය.
"දැන් මේ වෙන කොට මිනිස්සුන්ගේ වී අස්වැන්න, ක්‍රමයෙන් තමන්ගේ අතට ලැබෙමින්, අස්වැන්න නෙලමින් පවතින අවස්ථාව, මේ දවස් වල ගොවීන් කථා වෙනවා වී මිළ පහත වැටිලා කියලා, එතකොට වී වල මිළ බහින්න හේතුවක් නෑ, පොහොර ටිකට සහනාධාරයක් ලබා දෙනවා ආණ්ඩුවෙන්, භූමිය ගත්තම, බොහෝ ගොවීන්ට අක්කර 2 1/2 ක් දීලා තියෙනවා ආණ්ඩුවෙන්, ජලය ලබා දෙනවා ආණ්ඩුවෙන්, ඒකට යම් පුංචි බදු මුදලක් ලබා ගන්නවා ආණ්ඩුවෙන්, ඒක වෙනම කතාවක්, නමුත් ගොවියාගේ නිෂ්පාදනය ගන්න කොට ගොවියාට අඩු මිලක් තමයි වැටෙන්නේ'
මේකට ප්‍රධාන හේතුවක් හැටියට මම දකින්නේ ඔය පිරටවලින් තෙල් පොහොර ආනයන කරන සමාගම්, මේගොල්ල තමයි මේ මාෆියාව ඇති කරන්නේ, අර හාල් මාෆියාව වගේම තමා මේ මාෆියාවත්, මේවා කරන්න දෙන්නේ නැතිව මේවා රජයට පවරා ගත යුතුයි.ඒ කාර්ය භාරය රජය කලා නම් ගොවියාටත් සහනයක්, රජයටත් යම්කිසි ආදායමක් ලැබෙනවා.
ඒ පිළිබඳව අවධානය යොමු කරනවා නම් කෘෂිකර්ම ඇමතිවරයා, මම හිතන්නේ ගොඩක් වටිනවා.ඉදිරියේදී මිනිස්සු රජය පිළිබඳව ප්‍රසාදයට හෝ අප්‍රසාදය පත් වෙන ප්‍රධානම කාරණය තමයි කෘෂිකර්මය, මේකට අවශ්‍යය කරන සහයෝගය, ඒ පහසුකම් ටික, ප්‍රථිපාදන ටික ලබා නොදුන්නොත් ආණ්ඩුවත් වැටෙන්න ප්‍රධාන හේතුවක් වෙනවා. ඒ නිසා ඒ පිළිබඳව අවධානය යොමු කරලා මේ සමාගම් අතේ තියෙන මාෆියාව බිඳලා රජයට ඒ වගකීම භාර අරගෙන කටයුතු කරන්න පුලුවන් නම් මම හිතන්නේ ගොවියාටත් මේ වී මිළ මීට වඩා ඉහළ මට්ටමකට ගෙනවිත් තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කර ගන්න පුලුවන් කියන එක තමයි මගේ විශ්වාසය.
මේ වන විට කෘෂිකර්ම අමාත්‍යය ලාල් කාන්ත මැතිතුමා වැඩසටහනක් ආරම්භ කරලා තියෙනවා, අනුරාධපුරයෙන් ඒක පටන් ගත්තා වැව්තාවුලු වල හදලා තියෙන නිවාස සහ හෝටල්, ඔය දේශපාලඥයෝ විවිධ ව්‍යාපාරිකයෝ හදලා තියෙන දේවල් අයින් කරන්න. හොඳ වැඩපිළිවෙලක්, මම හිතන්නේ නෑ මේක කරන්න පුලුවන්ද කියලා, මේක කොච්චර දුරට සාර්ථකව ක්‍රියාත්මක කරන්න පුලුවන්ද කියන එක මම දන්නේ නෑ, ඒ මොකද එකක් තමයි පොලොන්නරුවේ පරාක්‍රම සමෘද්රය එහෙම මායිම් කරන්න ගියොත් එහෙම ඔය ප්‍රබල ව්‍යාපාරිකයින්ගේ, ආණ්ඩුවට සහය දක්වපු ව්‍යාපාරිකයන්ගේ නොයෙක් දේවල් තියෙනවා.
ඒවා ඉවත් කරන්න පුලුවන්ද? නීතිය ක්‍රියාත්මක කරනවා නම් ලොකු පොඩි කාටත් නීතිය එක විදිහට ක්‍රියාත්මක කරන්න ඕන, ඉතාමත් හොඳ වැඩක්, මොකද අනුරාධපුරය ගත්තාම තිසාවැව, නුවර වැව, බසවක්කුළම, වැව් වල අපිට පේනවා ඒවායේ තියෙන වැව් තාවුලු වල ගෙවල් හදාගෙන, විවිධ දේශපාලඥයෝ, ව්‍යාපාරිකයෝ ගෙවල් හදලා, හෝටල් හදලා මේවා නිරවුල් විය යුතුයි, ඒ ගැන තර්කයක් ඇත්තේම නෑ,.
මම කියන්නේ මේවා මේ අනුරාධපුරයේ විතරක් නෙමෙයි, මුළු ලංකාවේම මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි.ඉතින් මේක කොතෙක් දුරට ක්‍රියාත්මක කරන්න පුලුවන්ද කියන එක තමයි ලොකුම අභියෝගය, මම ලාල් කාන්ත ඇමතිවරයාට අභියෝග කරනවා, පුලුවන් නම් රජරට තියෙන, උතුරු මැද පළාතේ තියෙන සියලුම වැව් වල වැව් තාවුලු අල්ලාගෙන හදලා තියෙන ගොඩනැගිලි මාස 06 ක් ඇතුළත ඔක්කෝම ඉවත් කරලා පෙන්වන්න බලන්න පුලුවන් නම්, මං එතුමාට අභියෝග කරනවා, මේක කරන්න බෑ, ඒ කරන්න බැරි හේතුව තමයි මේවාට දේශපාලඥයෝ සම්බන්ධ වෙලා ඉන්නවා.
ව්‍යාපාරිකයෝ සම්බන්ධ වෙලා ඉන්නවා.කෘෂිකර්ම ඇමති ලාල් කාන්ත මහතා එවැනි අභියෝග ජනතාවට ප්‍රසිද්ධ මාධ්‍ය ඉස්සරහා කියන්න ඕන ඇත්තටම කරන්න පුලුවන් නම් පමණයි.හොඳ වැඩපිළිවෙලක් නමුත් කොච්චර දුරට සාර්ථකව ක්‍රියාත්මක කරන්න පුලුවන් වෙයිද කියන එක මං දන්නේ නෑ.
අනිවාර්යෙන්ම අනවසර ඉදි කිරීම් හරියට තියෙනවා, මාර්ග දෙපස ගත්තම, හැම තැනකම ඉදි කිරීම් තියෙනවා, මේවා සියල්ලකම් ක්රමාණූකූලව ඉවත් විය යුතුයි.ඒ වගේම නගරය ලස්සන විය යුතුයි.ඒවා ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි.මේ රට ක්ලීන් ශ්‍රී ලංකා කියන වැඩපිළිවෙල යටතේ ඒ ටිකවත් කරලා දෙන්න පුලුවන් නම් ඒකත් ලොකු දෙයක්, අනවසර ඉදි කිරීම් ඉවත් කරලා නගර අලංකාර කිරීම හොඳ වැඩපිළිවෙලක්, වැහි කාළයකට නගරයකට ගියහම බලන්න දණිස් වටක් වතුර, මොකද වතුර බැස යන ක්‍රමයක් හදලා නෑ, දේශපාලඥයෝ, නිළධාරින්, මුදලාලිලාට ඕන විදිහට ඉදි කිරීම් කළා මිසක් ඊට පස්සේ කියනවා ගංවතුර, ඊට පස්සේ කියනවා ගෙවල් කැඩෙනවා කියලා.
ඒකට හේතුව තමයි කළමණාකරනයක් නැතිව ඉදිකිරීම් කිරීම ප්‍රධාන හේතුවක්, ඒ නිසා නගර සභා ප්‍රාදේශීය සභා මේ හැම එකක් ම ක්‍රියාත්මක කරන්න ඕන අවහිරතා ඇති වෙලා තියෙන තැන් නිවැරදි කර මේවා සම්පූර්ණයෙන් නගර අලංකරණය කිරීම ඉතාමත් වැදගත් දෙයක්,යැයි පැවසූහ.
