රාමායණය මූලික කරගනිමින් වන්දනා චාරිකාවක්
රාමායණ කතා වස්තුව මුල්කරමින් ඉන්දීය දුම්රිය සේවය විසින් ‘ශ්‍රී රාමායන එක්ස්ප්‍රස්’ නමින් වන්දනා චාරිකාවක් නිර්මාණය කර තිබේ.
මෙහි ඇති විශේෂත්වය වන්නේ එම චාරිකාව සඳහා රාමායණයේදී ශ්‍රී ලංකාව සම්බන්ධ ස්ථාන සඳහාද වන්දනාකරුවන් රැගෙන යාමට ඉන්දීය දුම්රිය සේවය කටයුතු කිරීමයි.
නොවැම්බර් 14 දා මෙම වන්දනා චාරිකාව මුලින්ම දියත් කිරීමට නියමිතය. ඉන්දියාවේ නව දිල්ලි නුවරින් ගමන් ආරම්භ කිරීමට නියමිත මෙම වන්දනා චාරිකාව දින 16ක් පුරා ක්‍රියාත්මක වේ.
නොවැම්බර් 14 දා පස්වරු 4.40ට ගමන් ආරම්භ කරන මෙම වන්දනා චාරිකාව නොවැම්බර් 29දා රාත්‍රී 12.00ට නිමා කිරීමට නියමිතය. මෙය දිල්ලිවලින් ගමන් ආරම්භ කරමින් අයෝද්‍යා, නන්ඩිග්රාම්, ජනක්පූර්, වාරණාසි, අහලාබාද්, චිත්රාකොට්, නාසික්, රාමේෂ්වරන් යන ස්ථානයන්ට ගමන් කිරීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ ගත කරන කාලය දින හතරකට සීමාවන අතර, ඒ සඳහා ඉන්දිය රුපියල් 36970ක මුදලක් අයකරනු ලබයි. එහි ගමන් මග වන්නේ චෙන්නයි - කොළඹ -නුවරඑළිය- නුවර - කොළඹ හා දිල්ලි යනුවෙනි. මෙහිදී වන්දනාකරුවන්ට අවශ්‍ය ආහාර ඇතුළු සියලුම පහසුකම් ලබාදීමට සංවිධායකයන් කටයුතු කර තිබේ.
මෙහි ගාස්තු අය කිරීම අදියර දෙකක් යටතේ සිදුවන අතර දුම්රියෙන් ගමන් ගන්නා කාලය වෙනුවෙන් ඉන්දීය රුපියල් 15120ක් මුදලක් එක් අයෙකුගෙන් අය කිරීමට නියමිතය.
ඉන්දීය මාධ්‍ය ඇසුරෙනි


popular news
-
Champa Tuesday, 17 July 2018 04:53 PM
පොත දාගෙන එනව. ඊළඟට කොළොඹ නෙමෙයි චෙන්නායි මත්තල කියල තමයි සිද්ධ වෙන්නේ. කටුනායකට වෙන්නේ මොකොද කියලා බලා ඉන්න පුළුවන්. මෝඩ ආණ්ඩුව හතර වටේටම රට විකුනනවා. ඉන්දියාව ferry service එකකුත් පටන් ගන්න යනව ලංකාවට. මත්තලට වගේම ඒකටත් එකා වාගේ පාරට ඇවිල්ල විරුද්ධ වෙලා නතර කරගන්න ඕනේ. අපේ මුතුන් මිත්තෝ රටේ සම්පත් රැක ගන්න කැරලි ගැහැව්වා වගේ කැරලි ගහලා හරි මේක නතර කරන්න ඕනේ. ඉන්දියාවට මත්තල දුන්නට පස්සේ අඬල වැඩක් නැහැ. මත්තල විකුනන්න කැබිනට් එක කැමැත්ත දුන්නොත් UNP SLFP දෙකේම කිසි කෙනෙක්ට ආපහු චන්දෙ දෙන්න එපා. මහින්ද කිව්වත් SLFP ඇමතිවරුන්ට මන්ත්‍රීවරුන්ට චන්දෙ දෙන්න එපා. 2015 UPFA එකට මිනිස්සු චන්දෙ දුන්නේ මේවා කරන්න නෙමෙයි. චන්දෙ නෙමෙයි අඩු ගානේ stage එකකටවත් එන්න දෙන්න හොඳ නැහැ.
Reply : 0 0
mathruboomi Tuesday, 17 July 2018 05:55 PM
හරියට හරි චම්පා කියන එක
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
