ADA
www.ada.lk
2026 ජනවාරි මස 05 වන සඳුදා
රාජ්‍ය අමාත්‍ය එස්. වියලේන්ද්‍රන් මහතාගේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයෙකු විසින් වැලි ටිපර් රථ රියදුරෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් හේතුවෙන් අද (21දා) රාජ්‍ය අමාත්‍යවරයාගේ මඩකලපුවේ පිහිටි නිවස ඉදිරිපිට නොසන්සුන්කාරී තත්ත්වයක් හටගැනිණි.
අදාළ ටිපර් රථ රියදුරු ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී සැකකාර පොලිස් කොස්තාපල්වරයා විසින් රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවස ඉදිරිපිටදී මෙම වෙඩි තැබීම සිදු කර තිබේ.
ඝානනයට ලක් වූ වැලි ටිපර් රථ රියදුරු හා අදාළ පොලිස් නිලධාරියා අතර, මීට දින කිහිපයකට පමණ පෙර බහින්බස්වීමක් සිදුව ඇතැයිද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
අදාළ කොස්තාපල්වරයා ගිනිඅවිය සමග පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙන අතර, සිද්ධිය සිදුවන අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍යවරයා නිවසේ සිට නොමැති බවද කියවෙයි.
popular news
අලුත් වුණ තල්පේ දුම්රිය ස්ථානය ජනතා අයිතියට
ගිනිගත්හේන පොලීසිය ඉදිරිපිට මාර්ගය වසර 6ට පසු විවෘත කරයි
ලාෆ් නව අවුරුද්දට දුන් තෑග්ග
ටෙස්ලා අබිබවා යන බීවයිඩී
නව රෙගුලාසියට ගුවන් ගමන් පාලකවරුන්ගේ අප්‍රසාදය
වර්ගවාදි අපහාසවලට පිළිතුරු දෙමින් කවාජා විශ්‍රාම ගැනීම නිවේදනය කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd