රාජ්‍ය අංශය හැකිලිය යුතුයි
රාජ්‍ය සේවය හැකිලිය යුතු බවත් එය නඩත්තු කළ නොහැකි බවත් කළමණාකරනය කළ නොහැකි බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානයක මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය. අයවැය විවාදයට එක්වෙමින් අද (22දා) ඔහු මේ බව පැවැසීය.
“රාජ්‍ය සේවය කාර්යක්ෂම කළ යුතුව තිබෙනවා. ඒකෙන් කියන්නේ නෑ මේ ඉන්න අය එකපාර නෙරපන්න ඕන කියලා. එහෙ නෙරපන්න බෑ. කොයි ආණ්ඩුවෙන්, කවර කාලයක, කුමන තීන්දුවක් වෙනුවෙන් ගත්තත් අද ඒ අයගේ ජීවිතය ගැටගැහෙන්නේ මේ රස්සාව නිසා.
ඒ වැටුපෙන් තමයි තමන්ගේ දරුවන්ට උගන්වන්නේ, ජීවත්වෙන්නේ, අම්ම තාත්තට බෙහෙත් අරන් දෙන්නෙ, ඒ නිසා සේවකයෝ එහෙම අයින් කරන්න බෑ. අපි සැලසුමක් හැදිය යුතු වෙනවා.
අපේ ආයතන විශාල ප්‍රමාණයක් තබෙනවා එකම කාර්යය කරන. රාජ්‍ය සේවය යළි ප්‍රතිව්‍යුහ ගත කිරීමට ලක්විය යුතුව තිබෙනවා. මා කියන්නේ සේවය අත්හැරීම නෙමෙයි. රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන එකයි. සේවය අත්හැරීමයි කියන්නේ දෙකක්.
මේ අය යෝජනා කරන්නේ සේවය අත්හැරීම. අධ්‍යාපනය විකුණන්න, සෞඛ්‍ය විකුණමු, සේවය අත්හැරීමක්. අපි යොජනා කරන්නේ ජනතාවට ඉටුවිය යුතු සේවය වඩාත් කාර්යක්ෂම කර ගැනිමට තාක්ෂණය, ඉහළ කළමාකාරිත්වය යොදාගත් මෙහෙයුමකට යන්න වෙනවා.
රාජ්‍ය අංශය හැකිලිය යුතුයි. මේක නඩත්තු කරන්නත් බෑ, කළමණාකරනය කරන්නත් බෑ. ප්‍රා දේශීය ලේකම් කාර්යාලය කළමණාකරනය කරන්න පුළුවන්ද? දොරෙන් ඇතුළුවුණාම ප්‍රා දේශීය ලේකම් හමුවෙන්න අර නිකම් දාම් පෙතේ යනවා වගේ යන්න ඕන.”

popular news
-
Rocky Tuesday, 22 November 2022 12:39 PM
Hitapu Janaadhipathi kenekuge pawudgalika Kaarya mandale 2500 ta wedilu ! Thawa hitapu lokkekuta 1800 ta wedi Kaarya manaklayak innawalu! Me paraposhithayo mokkuda .. Hoyalaa balanna mahaththayo!!Mun ape le uraa bonawa !!!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

