රස පරීක්ෂකයෝ ඇවන්ට් ගාඩ් නැවට යති
ශ්රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ගාලු වරායේ නවතා ඇති ඇවන්ට් ගාඩ් නැවේ ආයුධ පරීක්ෂා කිරීම සඳහා රජයේ රස පරීක්ෂක කණ්ඩායමක් අද (04දා) එම නැව වෙත පැමිණීමට නියමිතය.
රජයේ රස පරීක්ෂක කණ්ඩායම මෙම ආයුධ තොගය පරීක්ෂා කිරීම සඳහා පෙරේදා (02දා) ඇවන්ට් ගාඩ් නැව වෙත පැමිණීමට නියමිතව සිටියද ඔවුහු එදින නොපැමිණියහ.
බරපතළ වංචා සහ දූෂණ විමර්ශන ජනාධිපති ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් පැමිණ සිදුකළ පරීක්ෂණයේදී මෙම නැවේ තිබී ගිනිඅවි 816 ක් සොයාගෙන තිබිණි. ඒ පිළිබඳ රජයේ රස පරීක්ෂවරයාගේ වාර්තාවක් බරපතළ වංචා සහ දූෂණ විමර්ශන ජනාධිපති ඒකකය විසින් ඉල්ලා ඇති අතර, එම වාර්තාව ලබාදීම සඳහා අදාළ රස පරීක්ෂක කණ්ඩායම නැවට පැමිණීමට නියමිතය.
ශ්රී ලංකා නාවික හමුදාව විසින් ගාල්ල වරායේ සිට මුහුදු සැතපුම් දොළහක් ඈත මුහුදේදී අත්අඩංගුවට ගත් මෙම නැව ගාලු වරායට ගෙනැවිත් තිබිණි.
ගාල්ල රවිඳු දීයගහගේ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

