රවීගේ සහ CEB උපන් දිනයට විදුලි බුබුළු 50,000ක පූජාවක්
ලංකා විදුලිබල මණ්ඩලයට වසර 50ක් පිරීම සහ විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ජන්ම දිනය නිමිති කරගනිමින්, එළඹෙන නවම් පුන් පොහෝ දින කතරගම, කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ අභියසදී විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, ආමිස සහ ප්‍රතිපත්ති පූජා රාශියක් පැවැත්වීමට, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය සහ ලංකා විදුලිබල මණ්ඩලය විසින් සංවිධානය කර තිබේ.
වසර 50 ක් පුරාවට ලක්වාසි විදුලි පාරිභෝගික ජනතාවට ඉමහත් සේවාවවක් ඉටුකරමින්, සමස්ත දිවයින විදුලියෙන් ඒකාලෝක කිරීමේ භාරධූර කර්තව්‍යයට උරදුන් ලංකා විදුලිබල මණ්ඩලයට තවත් චිරාත් කාලයක් සිය සේවය අඛණ්ඩව සහ ගුණාත්මකව පාරිභෝගික ජනතාව වෙත සැපයීමටත් ඒ වෙනුවෙන් කිරි වෙහෙර වහන්සේගේ ආශිර්වාදය ලබා ගැනිමත් මෙහි අරමුණ වේ.
නවම් පුන් පොහෝ දින පස්වරුවේ අෂ්ටපල බෝධීන් වහන්සේට අටපිරිකර පූජා කිරීම, කදිර සුරිදුන් වෙනුවෙන් කතරගම මහ දේවාලයේ පලතුරු පූජාව, කිරිවෙහෙර වහන්සේ වෙනුවෙන් පැවැත්වෙන කප්රුක පූජාව, මහසෙන් දේවාලයේ නානුමුර පූජාව, කිරිවෙහෙර වහන්සේ අභියස පහන් 1,500ක පහන් පූජාව සහ විදුලි බුබුළු 50,000ක් එක්වර දල්වමින් කිරි වෙහෙරවහන්සේ අභියස විදුලි ආලෝක ජූජාව ආදි විශේෂ පුදපූජා රාශියක් පැවැත්විමට කටයුතු සංවිධානය කර තිබේ.
කෂිනි හපුආරච්චි

popular news
-
Champa Sunday, 17 February 2019 03:33 PM
තමන්ගේ උපන් දිනය වෙනුවෙන් හින්ද, මේ වැඩේට සම්පූරණ වියදම දරන්න ඕනේ රවී කරුණානායක මිසක් ජනතාව නෙමෙයි. විදුලි බල මණ්ඩලයට උපන් දිනය සමරන්න ඕනේ නම් කරන්න ඕනේ ඔය සල්ලි වලින් මිනිස්සුන්ට 5% ක වට්ටමක් විදුලි බිලට එකතු කරන එක මිසක් විදුලි බල මණ්ඩලේ හෝ අමාත්‍යංශයේ සල්ලි වලින් දාගැබ් එලිය කරන එක නෙමෙයි. රවී කරුණානායක බෞද්ධයෙක් නොවෙන නිසා දන්නේ නැතුව ඇති, දාගැබ් වලට ලයිට් දාල එලිය කරන්නේ දානපතියන්ගේ අනුග්‍රහයෙන් දානයක් විදිහයට මිසක් අහිංසක මිනිස්සුන්ගේ බදු මුදලින් නෙමෙයි කියලා. කතරගම දෙවියොත් ඒකම කියයි. අනිත් ඔක්කොම දේවල් හොඳයි. හැබැයි ඒ හැම දේටම වියදම් කරන්නේ විදුලි බල මණ්ඩලය උපයාගත් ලාභයෙන් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඊට සම්බන්ධ ආයතන වලින් දීපු "පරිත්‍යාග" වලින් වෙන්න ඕනේ. විදුලි බල මණ්ඩලය එහෙම ලාභ ලබන ආයතනයක්ද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
