රවිගෙන් බන්දුලට අභියෝගයක්
කෙරවලපිටිය LNG බලාගාරය සම්බන්ධයෙන් අවශ්‍ය ඕනෑම දෙයක් තම අමාත්‍යාංශයට පැමිණ සොයා බලන ලෙස තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අභියෝග කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රවී කරුණනායක මහතා පවසයි.
“අපේ බන්දුල ගුණවර්ධන ඇමතිතුමාට කියන්නේ අර රුපියල් 2500කින් කන්න පුළුවන් කිව්වා වගේ ජනතාව නොමග යවන්න ඒපා. අපි අවස්ථාව දීලා තිබෙනවා ඕන කෙනෙකුට ඇවිල්ලා (බලන්න) . විනිවිද භාවයෙන්, රටට අලාභයක් නොවන ලෙස සියලුම ජ්‍යෙෂ්ඨ වෘත්තීයවේදීන් සියලු දෙනාම දිලා තිබෙන මාර්ගය අනුව කටයුතු කර තිබෙනවා.
මාධ්‍යයට නොදැනුවත්ව කියන්නේ නැතිව දැනුවත්ව ප්‍රකාශ කරන්න. නීතියම ගැටලුව ඉවත්කරගෙන තිබෙනවානම් තිබෙන ගැටලුව මොකක්ද?
අලාභයට ඇතිවුණ ලාභයට කරන්න ගියාම මේ අයට තිබෙන ගැටලුව මොකක්ද? එතකොට මිල වැඩි කරන්න ඕන නෑ. මිල අඩුකරන්න තමයි ඕන. ඒක තමයි ඒ අයට තිබෙන ගැටලුව.
නිකම් නොම්බර කියනවා. මොනවද දන්නේ නෑ තිබෙන සම්බන්ධය. මිට වැඩිය ලේසියි මාධ්‍යයට නිකං නොදැනුවත්ව කතා කරනවට වඩා ඇවිල්ලා ඕන දෙයක් හොයලා බලන්න. මම මාධ්‍යයෙන් අභියෝගය එල්ල කරනවා. දවස් තුනක් ආවේ නැත්නම් කියන්න මෙන්න පුහු තර්කයක් ඉදිරිපත් කළේ කියලා”

popular news
-
rocky Monday, 18 February 2019 07:40 PM
කලබල වෙන්න එපා මහත්තයෝ, බන්දුල ගුනවර්දන, ගොම්මන්පිල්ලේ, වාසුදේව, විමලේ, .ජී.එල්.පීනිස් වගේ හැලගේම්බෝ කියන දේවල් දැන් මිනිස්සු ගණන් ගන්නේ නැහැ. නිකං චක බක ගානවා .. උන්ගේ සද්දෙට උන්ම චූන් වෙනවා විතරයි!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
