රුවන්වැලි මහා සෑ පුදබිමේ ආගමික වතාවත්වලට ජනපති එක්වෙයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රටවැසි සහ ලෝ වැසි ජනතාවට සෙත් පතා ඊයේ (13) පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි මහා සෑ පුදබිමේ ආගමික වතාවත්හි නිරත විය.
රුවන්වැලි මහා සෑ පුදබිමට පැමිණි ජනාධිපතිතුමා රුවන්වැලි රජමහා විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
රුවන්වැලි මහා සෑ රදුන් වෙත කළ කප්රුක් පූජාවට සහ අෂ්ඨඵල චතුමධුර පූජාවට එක් වූ ජනාධිපතිතුමා ආගමික වතාවත්හි නිරත වෙමින් රටටත්, ජනතාවටත් සෙත් පැතීය. සෑ රදුන් අභියස විශේෂ සෙත් පිරිත් සඡ්ඣායනවක් ද සිදු කෙරිණ. සෑ රදුන් උදෙසා කළ ආලෝක පූජාව පැවැත්වීම ද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.
රුවන්වැලි රජමහා විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියෝ අනුශාසනාවක් කරමින් කොවිඩ් මර්දනයට සහභාගී වන සෞඛ්‍ය, ආරක්ෂක ඇතුළු ක්ෂේත්රවල නිරත පිරිසට ආශිර්වාද කළහ.







popular news
-
Samson de Silva Sunday, 15 November 2020 08:07 AM
Aney Dewiyane, Mama wadakarana wiruwaa kiyalaa aawata, dan nahuthetama kelawelaa thiyenne. Ara kaalakanni meeharak hatanama lakshaya thamayi maawa mema amaaruwe damme. Dewiyane, hakinam podi support ekak denna. Ratey ewunta mona bambuwak wunath kamak naha. Maawa beralaa denna. Saadu, Saadu!
Reply : 0 0
USA Monday, 16 November 2020 06:02 AM
Pansal game set ekama bada ganna giyahama wada karanna welawak koyinda
Reply : 0 0
Hitan hodayi bola Tuesday, 17 November 2020 02:48 AM
wada bari kenekwa lokuwata udadagena pathkala set ekama dan hota bima anagena dagalana wita hulan gahala pumbanna darana try eka. hil una balum kopamana hulan gahuwath pimbiya hakida?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

