රන් බිස්කට් තොගයක් සමඟ ශ්‍රි ලන්කන් ගුවන්සේවයේ සමාජිකයෙකු අත්අඩංගුවට
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කාර්යය මණ්ඩල සාමාජිකයකු රුපියල් තුන් කෝටි විසි ලක්ෂයක් වටිනා රන් බිස්කට් තොගයක් ගුවන් තොටුපළෙන් පිට කිරීමට තැත් කිරීමේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (11) දින අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .
මොහු 23 හැවිරිදි වත්තල ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කටුනායක ගුවන් තොටුපළ තුළ රාජකාරී ඉටු කරන කාර්යය මණ්ඩල සාමාජිකයෙකි .
ඔහු තම දෙකකුළේ වළලු කරට මදක් ඉහළට වන්නට රන් බිස්කට් 10 බැගින් කොටස් හතරකට සකස් කර ඒවා බැද ගෙන , පසුව කකුල් වැසෙන සේ මේස් පැළද සපත්තු දමා ගෙන සිටි අතර , එහි ග්‍රෑම් 100 බැගින් වූ කිලෝ ග්‍රෑම් 04ක් බර රන් බිස්කට් 40ක් තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය .
මෙම ශ්‍රී ලන්කන් ගුවන් සේවා සාමාජිකයා ඉන්පසු කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ අවසාන ගේට්ටුව පසු කර යෑමට සූදානම් වනවිට අද දින උදෑසන 9.00 ට පමණ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි .
කටුනායක - ටි.කේ.පි කපිල

popular news
-
rocky Thursday, 11 April 2019 08:20 PM
වයස 23 යි ! කවුද මොහුට රස්සාව දුන්නේ? ආන්න ඒ පුද්ගලයාවත් අත්අඩංගුවට අරන් ප්‍රශ්න කලොත් නරකද? දේශපාලුවෙක් දුන්න පත්වීමක්!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

