රන්ජන්ට එරෙහි තවත් නඩුවක් විභාගයට ගන්න දින දෙයි
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රමනායකට එරෙහිව පවරා ඇති තවත් නඩුවක් නොවැම්බර් මස 27 දා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේය.
පුද්ගලික රූපවාහිනී නාලිකාවක විකාශනය වූ වැඩසටහනකදී රන්ජන් රාමනායක ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් පැවැති ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් වලට අදාළව කරන ලද ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් සිදු වී ඇති බවට ලද පැමිණිල්ලක් අනුව මෙම මෙම නඩුව ගොනු කර ඇත.
එහිදි පංචපුද්ගල විනිසුරු මඩුල්ලේ විනිසුරුවරුන් තිදෙනෙකුගේ තීන්දුව තම පාර්ශවයට වාසි සහගත ලෙසට ලැබෙනු ඇති බවට රන්ජන් රාමනායක ප්‍රකාශ කර තිබුණා.
අද මෙම නඩුව විනිසුරු සිසිර ද ආබෘ මහතා ප්රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවු අවස්ථාවේ එය නොවැම්බර් මස 27දා විභාගයට ගැනීමට දින නියම කරන ලදී.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

