රන්ජන්ගෙන් හේතු විමසා කෙටුම්පත් කළ ආඥාවක් නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දෙයි
විනිසුරුවරුන් හා නීතිඥවරුන් බහුතරයක් දූෂිත බවට රන්ජන් රාමනායක මහතා මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශයෙන් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දඬුවම් නොකර සිටීමට ඔහුගෙන් හේතු විමසා කෙටුම්පත් කළ ආඥාවක් නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අද (30දා)ඉදිරිපත් කළේය.
රන්ජන් රාමනායක මහතාගෙන් දඬුවම් නොකර සිටීමට හේතු විමසා කෙටුම්පත් කළ ආඥාව ඉදිරියට පවත්වාගෙන යන්නේද පිළිබඳ ලබන අගෝස්තු මස 08 වැනිදා සලකා බලන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේය.
විනිසුරුවරුන් හා නීතිඥවරුන් බහුතරයක් දූෂිත බවට රන්ජන් රාමනායක මහතා මාධ්‍ය හමුවේ පැවසීමෙන් අධිකරණයට අපහාසයක් සිදුවී ඇතැයි සඳහන් කරමින් පවරා ඇති පෙත්සම් දෙකක් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා විසින් රන්ජන් රාමනායක මහතාගෙන් දඬුවම් නොකර සිටීමට හේතු විමසා කෙටුම්පත් කළ ආඥාව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලදී.
අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, විජිත් මලල්ගොඩ හා එල්.ටී.බී. දෙහිදෙණිය යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබීය.

popular news
-
කෝලිත Monday, 30 July 2018 11:50 PM
මොලේ තියෙන මෝඩ කමයි..කාටෙි තිායන සක්කිකිලි කමයි...කටුදෙන ස්විමියාට නගුට වනන එකයි..හිතේ තියෙන ඉරිසියිවයි..පරංගිංට තිායන ලේ බැදිමයි කියල කිපං.. මචං
Reply : 2 0
Silva Tuesday, 31 July 2018 09:38 AM
රන්ජන් අයියේ කියන්න ඔය කියපු විනිසුරන් දුෂිතයි කියපු කාරණාව එක නඩුවකට හෝ එක උසාවියකට කියපු දෙයක් නොව පොදුවේ ඔය ඔක්කොටම අදාළ වෙන නිසා ඒ ගෙන විභාග කරන්න ඒ යට බෙහ කියල... එක නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ නිසා... ඔය ජාත්‍යන්තර විනිසුරන් ඉල්ලන්න...
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

