රනිල්ට සහ සුමන්තිරන්ට උදය ගෙන් අභියෝගයක්
නව ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට ඇති ප්‍රමුඛස්ථානය හෝ ඒකීය රටක් යන්න වෙනස් නොකරන බවට හැකිනම් ප්‍රතිඥාවක් දෙන ලෙස තමන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාටත් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතාටත් අභියෝග කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි. ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
“අපි අග්‍රාමාත්‍යතුමන් ට අභියෝගයක් කරනවා ඔබතුමන්ට සැබැවින්ම ඒකීය රාජ්‍ය වෙනස් නොකර තබා ගත යුතු නම් ඔබට සැබැවින් ම බුදු දහමට ප්‍රමුඛස්ථානය ලබා දීමට වුවමනා නම් වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙවෙනි වගන්තියේ සහ නම වෙනි වගන්තියෙන් අකුරක්වත් වෙනස් කරන්නේ නැහැ කියන ප්‍රතිඥාව පුලුවන්නම් ජාතියට ලබා දෙන්න. අපි මේ අභියෝගය නිල අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත් නොනිල අගමැති එම්ඒ සුමන්දිරන් මන්ත්‍රීතුමන්ටත් ඉදිරිපත් කරනවා.”

popular news
-
batangala Tuesday, 15 January 2019 11:19 AM
ටික කාලයක් බොරු ඝෝෂා අහන්නේ නැතිව හිටිය. කවදද ඔස්ට්‍රලියවේ ගිහින් ආවේ ? ඔබට හිතෙන්නේ නැද්ද ඔය ජාතිවාදය තවදුරටත් ලංකාවේ මිනිස්සුන්ට දිරවන්නේ නැති බව. ගිය පාර රුපියල් සීයේ එල්ලිලා ආවට මේපාර කුජීතු වෙන්න ලඟයි වගේ.
Reply : 0 0
rocky Tuesday, 15 January 2019 01:09 PM
ඔය ඔක්කොටොම ඉස්සෙල්ල අර ඕස්ට්‍රේලියන් ජාතික සැඩික් උන්නැහේගෙන් තියන අභ්යෝගයට මුහුණ දෙන්න. මිනිහාගෙන් වංචා කොරපු ගාණ වත් ආපහු දීල බේරෙන්න බලන්න!
Reply : 0 0
Deepal Nirosh Tuesday, 15 January 2019 04:49 PM
නව ව්‍යවස්ථාවෙ වගන්ති ගැන පඬි පෝතක කතා කියවන්නෙ නැතුව ඒ ව්‍යවස්ථාව පරාජය කර ගැනීමට උත්සාහ කරන්න, 19ට තමුන්ගෙ අතත් ඔසවගෙන අනුමත කර ගත්ත හැටි දැන් අමතක ද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

