නව මාර්ග නීති හඳුන්වාදීම යටතේ ජංගම දුරකථන භාවිත කරමින් රථවාහන ධාවනය කරන රියදුරන්ට රුපියල් දහසක දඩ පත්‍රිකාවක් නිකුත් කිරීමට රජය තීරණය කර තිබේ.
මීට අමතරව ආරක්ෂිත බඳපටි නීතිය උල්ලංඝනය කරන රියදුරන්ගෙන් රුපියල් දහසක දඩයක් හා වැඩිපුර මගීන් රැගෙන යන බස් රථවල රියදුරන්ගෙන් රුපියල් 500ක දඩ මුදලක් අයකර ගැනීමට නියමිතය.
නව දඩ මුදල් ඇතුළත් දඩ පත්‍රිකාව ලබාදීම මේ මස 14 වැනි දින මධ්‍යම රාත්‍රී 12 සිට ක්‍රියාත්මක කර ඇති අතර ශ්‍රවණ උපකරණ (හැන්ඩ් - ෆ්‍රී) භාවිත කරමින් රිය ධාවනය කළහොත් එයටද දඩ පත්‍රිකාවක් නිකුත් කිරීමට සැලසුම් කර තිබේ.
