ශ්‍රීලංකා පොදුජන පෙරමුණට බලය හිමි රත්නපුර ප්‍රාදේශීය සභාවේ අද (30දා) පැවති අයවැයට විරුද්ධව පොදුජන පෙරමුණේ උප සභාපතිවරයා ඇතුළු සභිකයින් පස් දෙනෙකුද ඡන්දය ප්‍රකාශ කිරිම හේතුවෙන් අයවැය පරාජයට පත්විය.
රත්නපුර ප්‍රාදේශීය සභාවේ මුලු සභික සංඛ්‍යාව 36කි. පාලක ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ සභික රත්න කනේගල්ල මහතා ඡන්ද විමසන අවස්ථාවේ සභාවේ නොසිටියේය. අයවැයට පක්ෂව ඡන්ද 17ක් ද විපක්ෂව ඡන්ද 18ක් ද ලැබුණි.
ඒ අනුව අයවැය එක් ඡන්දයකින් පරාජයට පත්විය. රත්නපුර ප්‍රාදේශීය සභාවේ සභාපති සුගත් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එම සභාකාර්යාලයේදී අයවැය ඡුන්ද විමසීම පැවැත්විණ.
රත්තපුර ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පෙරමුණට සභිකධූර 18ක් ද, එක්සත් ජාතික පක්ෂයට සභිකධුර 12ක්ද, එක්සත් ජනතා නිදහස් සංධානයට සභිතධූර 05ක් ද, ජනතා විමුක්ති පෙරමුණට සභිකධූර 01ක් හිමිව පවතී.
එක්සත් ජාතික පක්ෂයේ සභිකයින් දොළොස් දෙනා, ජනතා විමුක්ති පෙරමුණේ සභිකයා සහ පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභිකයන් පස් දෙනෙක් අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය. ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ සභිකයන් දොළොස් දෙනෙකු සහ එක්සත් ජනතා නිදහස් සංධානයේ සභිකයන් පස්දෙනා අයවැයට පක්ෂව ඡන්දය දුන්නේය.
සබරගමු පාත්පාලන කොමසාරිස් දුලීප් සොමිරත්න මහතා රත්නපුර ප්‍රාදේශීය සභාවේ අයවැය පරාද වී ඇති බව තහවුරු කළේය. පළාත් පාලන පනත අනුව ඉදිරි සති දෙක ඇතුළත සාපතිවරයා විසින් නැවත අයවැය සභාවට ඉදිරිපත් කර වැඩි ඡුන්දයෙන් සම්මත කරගැනීමෙන් ඔහුගේ සභාපතිධූරය රැුකගත හැකි බව සඳහන් කළේය.